මාරාන්තික ලෙස මොළයට හානි කරන බව කියන ‘නිපා’ වයිරසයෙන් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ඇතැම් පළාත්වල පාසල් සහ කාර්යාල වසා දමා ඇතැයි වාර්තා වේ. වසර 2018 සිට මේ දක්වා ඉන්දියාවේ නිපා වයිරසය ව්‍යාප්ත වූ සිව්වැනි අවස්ථාව මෙය වන අතර, පවතින තත්ත්වය මත නිරෝධායන නීතිරීති දැඩි කිරීමට කේරළ ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.
මේ වන විට කේරළ ප්‍රාන්තයෙන් නිපා ආසාදිතයන් පස්දෙනකු හඳුනා ගෙන ඇති අතර, කුඩා දරුවකු ඇතුළු තිදෙනකු දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ගනිමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කළේය.
නිපා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ සෞඛ්‍ය සේවකයන් ඇතුළු පුද්ගලයන් 700කට අධික පිරිසක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඉදිරි දින 10 දී මහජන ඒකරාශීවීම්වලින් වළකින ලෙස කේරළ ප්‍රාන්තයේ මහඇමැති පිනරායි විජයන් ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.