Home » රඟසොබා

රඟසොබා

by mahesh
September 15, 2023 1:00 am 0 comment

පසිඳු මිහිරාන් රැටියල, උදිත ගුණවර්ධන

චන්ද්‍රාමුක්ති අද එළියට

කොලිවුඩයේ නවතම සිනමා සිත්තම ‘චන්ද්‍රාමුක්ති’ සැප්තැම්බර් 15 වනදා රිදී තිරයට නිකුත් වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. චන්ද්‍රාමුක්තිහි පළමුවැන්න 2005 වසරේ නිකුත් වූ අතර, ඒ අනුව එහි දෙවැන්න රිදී තිරයට එක් වන්නේ වසර 18කට පසුවයි. චන්ද්‍රාමුක්ති පළමුවැන්නෙහි ප්‍රධාන චරිතය රජිනිකාන්ත් විසින් රඟ දැක්වූවා. නමුත් එහි රංගනයෙන් දායක වූ නළු නිළියන්ගෙන් දෙවැන්න සඳහා දායක වන්නේ බාලචන්ද්‍රන් හෙවත් මනෝබාලා පමණයි. ලබන සතියේ රිදී තිරයට එක්වන චන්ද්‍රාමුක්ති දෙවැන්නෙහි ප්‍රධාන චරිත රඟ දක්වන්නේ රාඝවේන්ද්‍ර ලෝරන්ස් සහ කන්ගනා රනෞට් විසිනි.

———————————————————————————————————————————

චන්ද්‍රසේනගෙන් ‘ඔයා නිසා’

චන්ද්‍රසේන හෙට්ටිආරච්චි 45 වැනි සාංවත්සරික ‘ඔයා නිසා’ ප්‍රසංගය 16දා සවස 6ට මහරගම යොවුන් රඟහලේදී. එදින යුග ගායනා චන්ද්‍රෙල්ඛා පෙරේරාගෙනි.

———————————————————————————————————————————

සිහින රඟහල දැන් විවෘතයි

ධනංජය කරුණාරත්නගේ ‘සිහින රඟහල’ තෙවැනි නව නිෂ්පාදනය සමඟ ඔහුගේ වැලන්ටයින් එනකන්, චන්ද්‍රාවතී සමඟ රාත්‍රියක්, ඔබ සාපේක්ෂයි, දුවන උන් දෙන්නෙක්, ලාස්ට් බස් එකේ කතාව කෙටි නාට්‍ය අද ( 15) සහ හෙට දෙදින රාත්‍රී 7ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී.

———————————————————————————————————————————

මෝහිනී එළිබහී

යූ ටියුබ් අවකාශයේ කෙටි කලක් තුළ වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබෙන ‘මෝහිනී’ ගීතයට හඬ මුසු කරමින් සංගීතවත් කර ඇත්තේ නව පරපුරේ සංගීතඥයකු සහ ගායකයකු වන අජිත් සංජීව පෙරේරා යි. පද රචනා කර ඇත්තේ දර්ශන රුවන් ජයපත්ම විසිනි. අභිසරු ලියකගේ ජීවිතය පිළිබඳ සානුකම්පිතව බලන්නකුගේ ඇසින් බැලීමක් මේ තුළ වෙයි.


කමල් අද්දර ආරච්චිගේ ‘ඔබයි මමයි’ ප්‍රසංගය 16දා රාත්‍රී 7ට වෝටර්ස් එජ්හිදී. එදින කමල් රංගනයෙන් දායක වූ චිත්‍රපට දර්ශන පසුබිමේදී සහාය ගායිකාවන් රැසක් සමඟ කමල් ගී ගැයීමට නියමිතයි.

———————————————————————————————————————————

මුරලි ගැන ශෙහාන් ලියූ 800 නුදුරේදීම

ශ්‍රී ලංකාවෙන් ක්‍රිකට් ලෝකයට බිහි වූ සුපිරි දඟ පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරෙන් කොලිවුඩයේ නිර්මාණය කෙරුණු 800 සිනමා සිත්තම එළැඹෙන ඔක්තෝබර් 06 වනදා රිදී තිරය වර්ණවත් කරනු ඇත. මෙම සිනමා සිත්තම එම්. එස්. ශ්‍රී පති විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර, සම්මානලාභී ශ්‍රී ලාංකික ලේඛකයෙක් වන ශෙහාන් කරුණාතිලකද මෙහි තිර රචනයට එම්.එස්. ශ්‍රීපති සමඟ සම දායකත්වය ලබා දී තිබේ.

———————————————————————————————————————————

සරත්ගෙන් තිත්

සරත් ආරියවංශගේ තිත් (dots) චිත්‍ර හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 15දා සවස 3ට කොළඹ ලයනල් වෙන්ඩ්ට්හිදී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT