Home » වේදිකාවෙන් ටෙලියට එන සම්පත් පෙරේරා

වේදිකාවෙන් ටෙලියට එන සම්පත් පෙරේරා

by mahesh
September 15, 2023 1:00 am 0 comment

‘නෙවිල් අයියා’ කොඩිගහ යට ටෙලි නාට්‍යයේ සුවිශේෂී චරිතයක්. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියකු වන සම්පත් පෙරේරා.

‘පොඩි චැලෙන්ජ් එකක් භාර ගන්න කැමතිද කියලා කොඩිගහයට අධ්‍යක්ෂණය කළ ජගත් මනුවර්ණ ඇහැව්වා. ඒ අවස්ථාවේ නෙවිල් කියන චරිතය සම්බන්ධයෙන් කිසිදු දිගක් පළලක් දැනගෙන හිටියේ නැහැ. ගොඩක් දෙනෙක් හිතන්නේ රඟපානවා කියන්නේ දෙබස් කියන එකට කියලා. ඒත්, මේ නිර්මාණයට සම්බන්ධ වුණු හැම ශිල්පියෙක්ම රඟපානකොට ඉතාමත් හොඳ Action,Reaction සම්බන්ධතාවය ගොඩනඟා ගන්නවා. අනෙක, ඕනෑම නිර්මාණයක් සාර්ථක වීමට නම් මම විශ්වාස කරන කාරණා කිහිපයක් තියෙනවා.එකක් තමයි කියන දේ සහ කියන විදිහ.මේ නිර්මාණයේ කියන දේ සහ කියන විදිහ හරි අපූරුයි. සිහින ලෝක හෝ අපිට ළඟා වෙන්න බැරි තැන්වල ප්‍රේක්ෂකයා රඳවනවා වෙනුවට මේක මහපොළවට සමීප මිනිසුන්ගේ සැබෑ අරගලය මෙම ටෙලි නාට්‍යයේ අන්තර්ගත වී තිබෙනවා. වර්තමාන ටෙලි නාට්‍ය කලාව පසුගිය ටෙලි නාට්‍ය කිහිපයක් එක්ක බැලු‍වාම ඉතාමත් සාධනීය තැනකට ලංකාව තුළ එසවෙයි කියලා සුබවාදී බලාපොරොත්තු තිබෙනවා.

ඇත්තටම වේදිකාවට සම්බන්ධ කෙනෙක් විදිහට ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ධවල භීෂණ නාට්‍යයත් සමඟ කටයුතු කරනවා. කොඩි ගහ යට ටෙලි නාට්‍යට පස්සේ කෝරළගේ සමන් අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යකට සම්බන්ධ වෙන්නත් ලැබුණා. ඒකත් ටිකක් වෙනස් විදිහේ නාට්‍යයක් වෙයි.’

රුවන් පුෂ්පකුමාර 
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය 
කැලණිය විශ්වවිද්‍යාලය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT