Home » සණස සංගීතය සමාජ මාධ්‍ය කළඹයි

සණස සංගීතය සමාජ මාධ්‍ය කළඹයි

by chanaka
September 15, 2023 8:18 am 0 comment

තරඟකාරී රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙන දැවැන්තයන් දෙදෙනෙක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සහ සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් ආයතන ද්විත්වයේ විශිෂ්ටයන් ඇගැයීම පසුගිය දා ශ්‍රැන්ග්‍රි ලා හෝටල් පරිශ්‍රයේ අභිමානවත් අන්දමින් සිදු විය.

එහි ඉතා සුවිශේෂ අංගයක් ලෙස සණස ඉන්ෂුවරන්ස් සමාගමේ කළමණාකාරීත්වය ඉදිරිපත් කළ සංගීතමය විශේෂාංගය සියලු දෙනාගේ අවධානයට ලක් වූ අතර එය මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවල විශාල කතාබහකට ලක්වී තිබේ.

SANASA Insurance Award 2022 ලෙසින් පැවැත්වූ මෙම සම්මාන උළලේදී ආයතන ද්විත්වයේ අලෙවි විශිෂ්ටයන් ඇගැයීම, කණ්ඩායම් නායකයන් හා නියෝජිතයන් ඇගැයීම, වසර 10කට වැඩි කාලයක් ආයතනයේ සේවයේ නියුතු සේවකයන් ඇගැයීම, විශිෂ්ටයන්ගෙත් විශිෂ්ටයන් ඇගැයීම සිදුවුණු අතර විශිෂ්ටතා කුසලතා සම්මාන, සහතික, වවුචර්, විදේශ සංචාර හා දිවයිනේ තරු පන්තියේ හෝටල්වල භෝජන සංග්‍රහ ආදිය පිරිණැමුනු අතර නර්තන අංග සහ විනෝදාත්මක වැඩසටහන් ගණනාවකින් මෙම උත්සවය විචිත්‍රවත් විය.

එම වීඩියෝව පහතින් නරඹන්න.

https://www.facebook.com/SANASALIFE/videos/980048283102113/

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT