Home » ප්‍රභූදේවා ශ්‍රී ලංකාවට [වීඩියෝ]

ප්‍රභූදේවා ශ්‍රී ලංකාවට [වීඩියෝ]

by chanaka
September 15, 2023 3:23 pm 0 comment

ඉන්දීය රංගන ශිල්පී ප්‍රභුදේවා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඉදිරියේදී තිරගත වීමට නියමිත “මුසාසි” චිත්‍රපටයේ ගීතයක් රූගත කිරීම සඳහා ඔහු ශ්‍රී ලංකාවට මෙලෙස පැමිණ ඇති බව වාර්තා වේ.

අදාළ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ Sam Rodrigues විසින් වන අතර ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ප්‍රභුදේවා ය.

ප්‍රභූදේවා චෙන්නායි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානාවකින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සදහන් කර ඇත.

නර්තනය, අධ්‍යක්ෂණය සහ රංගනය සඳහා එකසේ දක්ෂ චරිතයක් ලෙස ප්‍රභුදේවා ප්‍රකටය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT