අභියාචනාධිකරණය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සහ නීතිපතිවරයාට දැනුම්දීමකින් තොරව හරක් කටා නැමැති සැකකරු දැනට රඳවාගෙන සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යාම සිදු නොකරන ලෙසට අභියාචනාධිකරණය නියෝග කරයි.
නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට නොතීසි නිකුත් කරමින් මෙම නියෝගය සිදු කර ඇත.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන විනිසුරු මඩුල්ල නියෝගය නිකුත් කළේය. පෙත්සම් විභාගය අවසන් වන තෙක් මෙම අතුරු නියෝගය බලපැවැත්වෙන බව තීන්දුවේ සදහන් වේ.
ලබන 25 වැනිදා පෙත්සම යළි සළකා බැලීමට නියමිතය.
තමන්ට එරෙහිව නිකුත් කර ඇති රැවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හරක් කටා නැමැත්තා සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.