ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම මගහැරීම සදහා සිංගප්පූරුවේ සංචාරයක නිරත වීම සදහා විදේශගත වන බව පැවසූ ශ්‍රී ලාංකික තරුණයෙකු ඊයේ (14) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු මන්නාරම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි .
ඊයේ රාත්‍රී තමන් සිංගප්පූරුවේ සංචාරයක් සදහා පිටත්ව යන බව පවසා කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිස තිබූණි . එහිදී තමන් ඕමානයේ මස්කට් නුවර වෙත ගොස් එතැනින් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර ඔස්සේ සිංගප්පූරුවට පැමිණීමට බලාපොරොත්තු වන බව පවසා තිබුණි .
එහෙත් පසුව ඔහු කටාර් ගුවන් සේවා කවුන්ටරය වෙත ගොස් සිය නිශ්කාශන කටයුතු කර ගැනීමට සූදානම් වනවිට , ඒ පිළිබඳව අවධානයෙන් සිටි ආගමන විගමන නිලධාරීන් , ඔහු යළිත් තමන් වෙත කැදවා ප්‍රශ්න කිරීමක් සිදු කර තිබේ .
එහිදී මෙම තරුණයා තමන් කටාර් රාජ්‍යයේ දෝහා වෙත රැකියාවක් සදහා පිටත්ව යන බවත් , ඒ සදහා එරටින් නිකුත් කළ රැකියා වීසා බලපත්‍රය සහ කටාර් ගුවන් යානා ප්‍රවේශ පත්‍රය ද මෙම කරුණු තහවුරු කිරීම සදහා ඉදිරිපත් කළේය .
එසේම තමන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම මගහැරීම සදහා කූඨ ලෙස සකස් කළ ව්‍යාජ සිංගප්පූරු වීසා බලපත්‍රයක් සහ ඕමාන් ගුවන් සේවා ප්‍රවේශ පත්‍රයක් මුළින් ඉදිරිපත් කළ බව අනාවරණය කළේය .
ඒ අනුව මෙම තරුණයා ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .