Home » සංචාරක ආකර්ෂණය ඇති රටවල් 50 අතරට ශ්‍රී ලංකාවත්

සංචාරක ආකර්ෂණය ඇති රටවල් 50 අතරට ශ්‍රී ලංකාවත්

by mahesh
September 15, 2023 1:12 am 0 comment

මහින්ද අලුත්ගෙදර

සංචාරක ආකර්ෂණය අතින් ලබා තිබෙන ස්ථානය යළිත් වරක් තහවුරු කර ගනිමින් සංචාරය කිරීමට ලොව හොඳම දූපත් 50 අතරට ශ්‍රී ලංකාව ද එක්ව තිබේ.

සංචාරක වෙබ් අඩවියක් වන Òබිග් සෙවන් එන්ජෝයි ට්‍රැවල්Ó වෙබ් අඩවිය විසින් මේ නම් කිරීම සිදු කර තිබෙන අතර, එහිදී 13 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි වාර්තා වෙයි.

2023 වසරේ දී සංචාරකයින් වෙනුවෙන් ඇති අවස්ථා සැලකිල්ලට ගනිමින් මෙම නම් කිරීම සිදු කර ඇති අතර, ඒ අනුව සංචාරය කිරීම සඳහා ලෝකයේ හොඳම දූපත් 50 ලැයිස්තුවට 2023 වර්ෂයේ දී ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

ස්පාඤ්ඤය, මැලේසියාව, මාලදිවයින, බාලි, ඉන්දුනීසියාව සහ සීෂෙල්ස් යන රටවලට ඉහළින් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම විශේෂත්වයක් වන අතර, හොඳම දූපත වශයෙන් බහමාස් නම් කර ඇත. ඊට අමතරව ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, ප්‍රංශය, ඉක්වදෝරය, ග්‍රීසිය, ඩොමිනිකා, කොස්ටරිකා, මෝල්ටාව සහ ක්‍රොඒෂියාව එම වර්ගීකරණයේ ඉදිරියෙන්ම පසුවෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT