මෙවර වී අස්වැන්න 2021ට පෙර තිබූ තත්ත්වයට තවමත් ළඟා වී නැතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසයි.
එම තත්ත්වයට ළඟා වීමට නම් එළඹෙන මහ කන්නයේ දී ගොවීන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව නියම වේලාවට බිම් සකස් කර වගා ආරම්භ කිරීමට කටයුතු කළ යුතුව තිබෙන බව ද ඒ මහතා කීය.
වී වගා කළ භූමි ප්‍රමාණයෙන් අක්කර හැටදහසක් පමණ ජලය නොමැතිව මෙවර යල කන්නයේ දී විනාශ වූ බවද මේ නිසා අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂයකින් පමණ අඩුවී ඇතැයි ද ඒ මහතා කීය. පසුගිය මහ කන්නයේ දී පොහොර අවශ්‍ය ප්‍රමාණය ගොවීන්ට ලබා දීමට අපොහොසත් වීම නිසා අස්වැන්න 15 % කින් පමණ අඩු වූ බවත් මේ තත්ත්වය තුළ 2021ට පෙර තිබූ තත්ත්වයට අස්වැන්න ගෙන ඒමට තවමත් නොහැකි වී තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය. මෙම වසර එල්නිනෝ වසරක් වන බැවින් ඉදිරි ඔක්තෝබර් නොවැම්බර් මාසවලදී සංවහන වැසි ද දෙසැම්බර් මාසයේ දී ඊසාන දිග මෝසම් වැසි ද ජනවාරි පෙබරවාරි මාසවල ඊසාන දිග මෝසම් වියළි කාලගුණික තත්ත්වය ද ඇතිවිය හැකි බැවින් ගොවීන් ඒ සම්බන්ධව වැඩි අවධානයක් යොමුකොට ඉදිරි මහ කන්නය කලට වේලාවට බිම් සකස් කොට වගා කිරීමට කටයුතු කළ යුතුව තිබෙන බවත් මහාචාර්යවරයා පැවසුවේය.