Monday, April 21, 2025
Home » මහ කන්නයේ කලට වේලා­වට බිම් කොටන්න
මෙවර වී අස්වැන්න අඩුයි

මහ කන්නයේ කලට වේලා­වට බිම් කොටන්න

by mahesh
September 15, 2023 1:06 am 0 comment

මෙවර වී අස්වැන්න 2021ට පෙර තිබූ තත්ත්ව­යට තව­මත් ළඟා වී නැතැයි පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ කෘෂි­කර්ම පීඨයේ මහා­චාර්ය බුද්ධි මාරඹේ මහතා පව­සයි.

එම තත්ත්ව­යට ළඟා වීමට නම් එළ­ඹෙන මහ කන්නයේ දී ගොවීන් කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුවේ උප­දෙස් අනුව නියම වේලා­වට බිම් සකස් කර වගා ආරම්භ කිරී­මට කට­යුතු කළ යුතුව තිබෙන බව ද ඒ මහතා කීය.
වී වගා කළ භූමි ප්‍රමා­ණ­යෙන් අක්කර හැට­ද­හ­සක් පමණ ජලය නොමැ­තිව මෙවර යල කන්නයේ දී විනාශ වූ බවද මේ නිසා අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ­ය­කින් පමණ අඩුවී ඇතැයි ද ඒ මහතා කීය. පසු­ගිය මහ කන්නයේ දී පොහොර අවශ්‍ය ප්‍රමා­ණය ගොවීන්ට ලබා දීමට අපො­හො­සත් වීම නිසා අස්වැන්න 15 % කින් පමණ අඩු වූ බවත් මේ තත්ත්වය තුළ 2021ට පෙර තිබූ තත්ත්ව­යට අස්වැන්න ගෙන ඒමට තව­මත් නොහැකි වී තිබෙන බවත් හෙතෙම අව­ධා­ර­ණය කළේය. මෙම වසර එල්නිනෝ වස­රක් වන බැවින් ඉදිරි ඔක්තෝ­බර් නොවැ­ම්බර් මාස­ව­ලදී සංව­හන වැසි ද දෙසැ­ම්බර් මාසයේ දී ඊසාන දිග මෝසම් වැසි ද ජන­වාරි පෙබ­ර­වාරි මාස­වල ඊසාන දිග මෝසම් වියළි කාල­ගු­ණික තත්ත්වය ද ඇති­විය හැකි බැවින් ගොවීන් ඒ සම්බ­න්ධව වැඩි අව­ධා­න­යක් යොමු­කොට ඉදිරි මහ කන්නය කලට වේලා­වට බිම් සකස් කොට වගා කිරී­මට කට­යුතු කළ යුතුව තිබෙන බවත් මහා­චා­ර්ය­ව­රයා පැව­සු­වේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT