Tuesday, April 8, 2025
Home » සහතික ලත් ඩ්‍රෝන නියමුවන් 16 දෙනෙකු විසිර යයි

සහතික ලත් ඩ්‍රෝන නියමුවන් 16 දෙනෙකු විසිර යයි

by yasara
September 14, 2023 12:43 pm 0 comment

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ කෘෂිකාර්මික නිපුණතා සභාව යටතේ , කෘෂිකාර්මික අංශය සදහා නව තාක්ෂනය සහ  භාවිතයන් බෙදාහැරීමේ  අභිප්‍රාය ඇතිව ඩ්‍රෝන නියමුවන් 16 දෙනෙකුගේ විසිරයාම පසුගිය දා සබරගමුව විශ්වවිද්‍යාලය පරිශ්‍රයේදී සිදුවිය.

මෙහිදී ඩ්‍රෝන තාක්ෂනය පිළිබඳ ක්ෂේත්‍ර ගණනාවක් සදහා ඵලදායි භාවිතය පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික විශේෂ පුහුණුවක් ලබාදීම සිදුවිය.

කෘෂිකාර්මික ක්ෂේත්‍රය සදහා ඩ්‍රෝන භාවිතය, ඩ්‍රෝන මෙහෙයුම් සහ නඩත්තුව , ගුවන් දත්ත රැස් කිරීම , දුරස්ථ සන්වේදනය , භූමි සංගණනය සහ දත්ත විස්ලේෂණය යන මාතෘකා ආවරණය වන පරිදි පුහුණු වැඩසටහන පැවැත්විය.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිෂ්පාදනයට බලපාන පොහොර කෘමිනාශක ,වල්නාෂක ,බීජ  වැපිරීම සදහා විධිමත් ලෙස ඩ්‍රෝන තාක්ෂනය ‍යොදා ගැනීම තුලින් බෝග අස්වැන්න වැඩිදියුණු කරගැනීමට හැකි වීම තවද සම්පත් නාස්තිය , පාරිසරික බලපෑම් අවම කිරීම හා සේවක හිගයට පිළියම් ලෙස මෙම ඩ්‍රෝන තාක්ෂනය ප්‍රයෝජනයට ගත හැකි ය.

මෙම පාඨමාලාවෙන් වෘත්තීය ඩ්‍රෝන තාක්ෂන නියමුවන් දේශීය සහ විදේශීය වෙළදපලේ පවතින ඉල්ලුම සැලකිල්ලට ගෙන ගරු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය  සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්.එන් රණසිංහ මහතාගේද අධීක්ෂණය යටතේ ප්‍රධාන උපදේශක ලුතිතන් කර්නල් ( විශ්‍රාමික ) රසික කහදගමගේ මහතා විසින් පාඨමාලාව මෙහෙයවනු ලබයි.

Droner news

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT