Tuesday, April 8, 2025
Home » ගනේමුල්ල සංජීව අත්අඩංගුවට

ගනේමුල්ල සංජීව අත්අඩංගුවට

by yasara
September 14, 2023 2:37 pm 0 comment

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නැමැත්තා ඊයේ (13) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී ආගමන විගමන නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙයි.

ඔහු ඊයේ  සවස 05.46 ට නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 182 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

ඔහු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට යාමට තැත් කිරීමේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ආගමන විගමන නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ රාත්‍රී 11.00 ට පමණ ,  කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්තය ඔස්සේ කොළඹ බලා  රැගෙන යාමට පියවර ගෙන තිබුණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT