Monday, April 21, 2025
Home » උප්පැන්න සහතික නොමැති පුද්ගලයන් ගැන අනාවරණයක්

උප්පැන්න සහතික නොමැති පුද්ගලයන් ගැන අනාවරණයක්

by chanaka
September 13, 2023 12:50 pm 0 comment

මෙරට උප්පැන්න සහතික නොමැති පුද්ගලයන් සියයට 05ක් පමණ සිටින බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියනත් මහතා පැවැසීය.

පසුගිය දිනයන්හි පැවැත් වූ ජංගම සේවාවන් මඟින් උප්පැන්න සහතික නොමැති පුද්ගලයන් 14000කට උප්පැන්න සහතික නිකුත් කළ බව හෙතෙම කීවේය.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය එක්ව උප්පැන්න , විවාහ හා මරණ සහතික නොමැති පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ විශේෂ ජංගම සේවාවක් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ (12) පැවති අතර ඊට එක් වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

වතුකරයේ බොහෝ ජනතාවකට උප්පැන්න සහතික නොමැති බවත් ඒ පිළිබඳ සොයාබලා කඩිනමින් උප්පැන්න සහතිකයක් ලබාදීම රජයේ අරමුණ බවත් ඒ මහතා කියා සිටියේය.

වසර 45 ක් නීත්‍යානුකූල විවාහ නොවී එකට ජීවත් වූ යුවලක් නීත්‍යනුකූලව විවාහ කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත, රෙජිස්ට්‍රාර් ජනරාල් සමන්ත විජයසිංහ මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සිදුකළ අතර එහි සාක්ෂියට රාජ්‍ය ඇමැතිවරයා සහ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා අත්සන් කරනු ලැබිණි.
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති පැවති ජංගම සේවාව තුළින් උප්පැන්න, මරණ හා විවාහ සහතික 300 ක් ආසන්න ප්‍රමාණයක් නිකුත් කරනු ලැබිණි.

(නුවන් කොඩිකාර)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT