Tuesday, April 22, 2025
Home » පුහුණුවට රු. කෝටි 3කට වැඩිය දුන් යුපුන් ආසියානු ක්‍රීඩා උලෙළට නෑ

පුහුණුවට රු. කෝටි 3කට වැඩිය දුන් යුපුන් ආසියානු ක්‍රීඩා උලෙළට නෑ

by mahesh
September 13, 2023 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ළඟ එන ආසියානු ක්‍රීඩා උලෙළෙන් ඉවත්වීමට තීරණය කරයි. තම පාදයේ කලව ප්‍රදේශයේ හටගත් ආබාධ තත්ත්වයක් හේතුවෙන් මේ තීරණය ගත් බව හෙතෙම ඊයේ ප්‍රසිද්ධ කළ දීර්ඝ ලිපියක දැක්වේ.

ඉතාලියේ පුහුණුවීම් කරන යුපුන් අබේකෝන්ගේ ක්‍රීඩා කුසලතා වැඩි දියුණු කර ගැනීම උදෙසා මෙයට මාස 11කට පමණ පෙර අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් (තුන් කෝටි හැට හය ලක්ෂයක පමණ) ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ ඉල්ලීමක් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිරිනැමුවද මේ ආබාධ තත්ත්වය හමුවේ ආසියානු පදක්කම් බලාපොරොත්තුවක් ගිලිහී ගොස් ඇත.

ඔහු ආසියානු ක්‍රීඩා උලෙළේ කණ්ඩායම් නායකයා ලෙස පත් කිරීමට ජාතික ඔලිම්පික් කමිටුව පියවර ගෙන තිබියදී හදිසියේම මේ තත්ත්වය නිර්මාණය වූවේය. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ ලෝකඩ පදක්කමක් දිනාගත්, දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වූ යුපුන් අබේකෝන් බර්මින්හැම් ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේ පැවති මීටර් 100 අවසන් තරගයේදී තත්පර 10.14කින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වීමෙන් පසු ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ ගොස් තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT