නැටුම් ගුරුවරයෙක් නොමැතිව පාසලේ සංවර්ධන නිලධාරියාගෙන් නැටුම් පුහුණුව ලැබූ මතුගම ඉඳිගස්තුඩුව සාරාලංකාරතිස්ස විදුහලේ සිසුන් ඉදිරිපත් කළ නැටුම් දෙකකට සමස්ත ලංකා නැටුම් තරගාවලියෙන් ජයග්‍රහණ දෙකක් හිමි වී ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සංවිධාන කළ සමස්ත ලංකා පාසල් නැටුම් හා මුද්‍රා නාට්‍ය තරගාවලියේ දී මතුගම ඉඳිගස්තුඩුව සාරාලංකාරතිස්ස විදුහලේ සිසුන් 50 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කළ වඩිගපටුන නර්තනය සමස්ත ලංකාවේම ප්‍රථමස්ථානයත්, කොතල පදය නර්තනය දෙවන ස්ථානයත් හිමිකරගෙන ඇත.
මෙම ජයග්‍රහණය එම පාසලේ ඉතිහාසය තුළ ලබාගත් ඉහළම ජයග්‍රහණය වන අතර, එසේම මතුගම අධ්‍යාපන කලාපයේ පසුගිය වසර කිහිපය තුළ වැඩිම නර්තන ජයග්‍රහණ ලබාගත් පාසල ලෙසින් ද මෙවර සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලියේ මතුගම කලාපය තුළ වැඩිම ජයග්‍රහණ සහ ප්‍රථමස්ථානයක් ලබාගත් එකම පාසල ලෙසින් ද කලාපය තුළද වාර්තාගත නර්තන ජයග්‍රහණයක් සනිටුහන් කිරීමට මතුගම කලාපයේ කුඩා පාසලක් වන ඉඳිගස්තුඩුව සාරාලංකාරතිස්ස විදුහල සමත්ව ඇත.
මෙම ජයග්‍රහණ පිළිබඳව අදහස් දැක්වූ බප/මතු/සාරාලංකාරතිස්ස විදුහලේ විදුහල්පති උදයංග කුමාර සිල්වා මහතා මෙසේ පැවසීය.