තම ග්‍රාමයේ විහාරස්ථ ශෛලමය බණ මඩුවට වසර සියයක් සපිරීම නිමිත්තෙන් බෙර සියයක් වාදනය කර ශබ්ද පූජාවක් පවත්වා ප්‍රදේශවාසීන් විසින් එම සියවස් සැමරුම වෙනස්ම ආරකින් සිදු කිරීමේ පුවතක් ඵෙතිහාසික වරකාගොඩ ගල්ලෙන රජමහා විහාරස්ථානයෙන් පසුගියදා වාර්තා විය.
මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වරකාගොඩ ගල්ලෙන රජමහා විහාරස්ථානයෙහි සියවසක් සපිරුණු ශෛලමය බණ මඩුව ඉදිරිපිටදී සිදු කෙරුණු මෙම කටයුත්ත වරකාගොඩ ග්‍රාමයේ “ගමේ ඉස්කෝලේ” සාමාජික එකතුව විසින් සංවිධාන කර තිබුණි. පස්යොදුන් කෝරලයේ උප ප්‍රධාන සංඝනායක, මදුරාවල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, වරකාගොඩ ගල්ලෙන රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පෝරුවදණ්ඩේ සුමන හිමි ප්රමුඛ මහා සංඝරත්නය ප්‍රධානකොට ගනිමින් හෙළ සංස්කෘතියට මුල්තැන දෙමින් බෙර වාදකයින් සියයක් විසින් එකම අවස්ථාවකදී වාදනය කළ බෙර නාදය ප්‍රදේශය පුරා ගිගුම් දුන් අතර, රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනකායට එය කිසිදා අත්නොවිඳි අපූර්ව අත්දැකීමක් වුණි.
වරකාගොඩ ග්‍රේෂන් ආනන්ද මහතා ප්රමුඛ “ගමේ ඉස්කෝලේ” සාමාජිකයින් ද, ප්‍රදේශවාසීන් ද ඇතුළුව විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.