Home » සිදුවූ අසාධාරණය ගැන මියගිය අයෙක් ඇවිත් ලිපියක් දී ගිහින්

සිදුවූ අසාධාරණය ගැන මියගිය අයෙක් ඇවිත් ලිපියක් දී ගිහින්

by mahesh
September 13, 2023 1:02 am 0 comment

රක්වාන - ඉන්දික සී. කුමාර

සතියකට පෙර මියගිය වයෝවෘද්ධ පුද්ගලයකු කොට්ඨාසයේ ප්‍රධාන පරිපාලන නිලධාරිණියකගේ නිල කාමරයට ගොස් තමන්ට සිදුවු අසාධාරණයක් පිළිබඳ ලිපියක් ඉදිරිපත් කිරීමෙන් පසු පිටව ගොස් ඇති බව පැවසෙන පුවතක් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට සමීප ප්‍රධාන රාජ්‍ය ආයතනයකින් පසුගිය දා අසන්නට ලැබිණි.

මෙලෙස පැමිණි පුද්ගලයා තමන්ට සිදුවූ අසාධාරණ ක්‍රියාව පිළිබඳ වාචිකව ද වැදගත් කරුණු රැසක් පවසා ඔහුගේ පාදයේ තිබූ තුවාලයක් ද උසස් නිලධාරිණියට පෙන්වා කාර්යාලයෙන් පිටව ගොස් ඇති බව වාර්තා විය.

අනතුරුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට මෙම නිලධාරිණිය සහ තවත් නිලධාරීන් පිරිසක් වයෝවෘද්ධ පුද්ගලයා ජීවත් වූ බව පැවසෙන නිවසට ගොස් ඇති අතර එහිදී නිවැසියන් පවසා ඇත්තේ කාර්යාලයට ලිපිය භාරදුන් බව පැවසෙන දින පවුලේ ඥාතියා මියගොස් සිටි බවත් මියගිය පුද්ගලයා වෙනුවෙන් පවත්වන සත් දවසේ දානමය පින්කම ද පෙර දිනයේ දී පැවැත්වූ බවත් පවසා ඇත.

කොට්ඨාසයේ දුප්පතුන්ට සමීප මුල්‍ය ආයතනයක ඉහළ පෙළේ නිලධාරිණියකගේ ක්‍රියා කලාපය තමන්ට සහ ජනතාවට මහත් හිරිහැරයක් බවත් ඒ පිළිබඳ සොයා බලා සාධාරණයක් ඉටු කරන ලෙසත් මෙම වයෝවෘද්ධ පුද්ගලයා ලිපිය මගින් ඉල්ලා ඇති බව පැවසේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT