කළුතර බෝධීන් වහන්සේ සහ කළුතර පාලම් දෙක අවදානමට ලක් කරමින් කළු ගං ඉවුරේ වැලි කැපීමේ නිරත ජාවාරම්කරුවන් ක්‍රියා කරමින් සිටින බවට කළුතර ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී පෙරේදා (11) අණාවරණය විය.
ඔවුන් මර්දනයට විශේෂ කාර්ය බළකාය යෙදවීමට කටයුතු කරන බවත්, දිගින් දිගටම එකී උපදෙස්වලට පටහැනිව ක්‍රියාකරන අයගේ බලපත් අවලංගු කරන බවත්, කළුතර ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය. කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති කළුතර ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී කළුතර බෝධීන් වහන්සේ සහ පාලම් දෙක අනතුරේ හෙළමින් වැලි ජාවාරම්කරුවන් ගං ඉවුරට හානි කරන බව අණාවරණය වීමෙන් පසු එකී පියවර ගන්නා බව දැනුම් දී තිබේ. අත්අඩංගුවට ගැනීම් අඛණ්ඩව සිදු කළද වැලි ජාවාරම්කරුවන් ඔවුන්ගේ ජාවාරම් කරගෙන යන බව අනාවරණය වීමෙන් පසු හිටපු අමාත්‍යවරයා මේ බව දැනුම් දුන්නේය.
මේ අතර, බෝට්ටු දෙකක් පාලම් දෙපස යොදා විමර්ශන කරන බවත්, ගං ඉවුර කැපීමේ නිරත අයගේ බලපත් අවලංගු කරන්නේ නම් ජාවාරම මැඩපැවැත්වීම පහසු වන බවත්, කළුතර සහකාර පොලිස් අධිකාරී සුනෙත් ශාන්ත මහතා එහිදී පැවසීය. ඒ අනුව අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලබන බෝට්ටු අංක ප්‍රාදේශීය ලේකම්වරයාට ලබාදීමෙන් පසු භූ විද්‍යා සහ පතල් කාර්යාංශය දැනුම්වත් කොට බලපත් අවලංගු කිරීමටත් අවශ්‍යතාවය අනුව විශේෂ කාර්ය බළකාය යොදවන බවටත් හිටපු අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් දී තිබේ.
කළුතර ප්‍රාදේශීය ලේකම් එස්. ත්‍රිමාන්න මහතාගේ සහභාගිත්වයෙන් රාජ්‍ය නිලධාරීන් මේ සඳහා එක්ව සිටියහ.