අනාචාරයේ යෙදීමේ අරමුණෙන් අම්බලන්ගොඩ නගරයේ නිකරුණේ ගැවසෙමින් සිටි සැකාන්තාවන් පස් දෙනකු ඉකුත් 08 වැනි දින අත් අඩංගුවට ගෙන බලපිටිය මහේස්ත්‍රාත් මංසදේව සමරදිවාකර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරීමට නියෝග කෙරිණ.
මෙම කාන්තාවන් පස් දෙනා මෙයට ඉහතදී ද නගරයේ නිකරුණේ සැරිසරමින් සිට පොලිස් අත්අඩංගුවට ගෙන බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ මින් මතුවට මේ ආකාරයෙන් නගරයේ සැරිසැරීම මොවුන්ට තහනම් කර තිබියදී නැවත වරක් ඒ වරදම සිදු කොට ඇති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. මෙම කාන්තාවන් පස් දෙනා අවුරුදු 57, 56, 37, 27, 32 යන වයස්වල පසුවූවන් බව පොලිසිය සඳහන් කළේය.
අපරාධ විමර්ශන අංශයේ උ.පො.ප. පියල්, පො.සැ.චමින්ද ( 58966) කාන්තා පො.කො වරුන්වන චිමිකා (12597) සහ පො.කො බංඩාර (7077) යන පොලිස් කණ්ඩායම මෙම කාන්තාවන් පස්දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.