Wednesday, April 23, 2025
Home » කතකට හදිකළ සැකකරු පැය 12කින් අල්ලයි

කතකට හදිකළ සැකකරු පැය 12කින් අල්ලයි

by mahesh
September 13, 2023 1:00 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජයලත් සබරලමුව සමූහ - ගාමිණී රම්‍යපාල

කාන්තාවකගේ බෙල්ලට පිහියක් තබා බලහත්කාරයෙන් දූෂණය කොට කරාබු ජෝඩුව ගලවාගෙන ජංගම දුරකතනය ද පැහැරගෙන ගොස් සැඟව සිටි සැකකරු පැය 12ක් යන්නට පෙර අත්අඩංගුවට ගෙන වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිණ.

වරකාපොළ ප්‍රදේශයේ කාන්තාවක් සිය සැමියා හා දරු තිදෙනා සමඟ පදිංචිව සිටින බවත්, සැමියා ඉකුත් 07 වැනිදා සවස මව බැලීමට ගිය අවස්ථාවේ නිවෙසේ සිට ඇත්තේ කාන්තාව හා ඇගේ වයස අවුරුදු 17ක පිරිමි දරුවා, අවුරුදු 13 හා 09 දියණියන් දෙදෙනා පමණක් බවත් පොලිසිය පැවසීය. පිරිමි දරුවා නිවෙසේ අල්ලපු කාමරයේ ද කාන්තාව දියණියන් දෙදෙනා සමඟ තවත් කාමරයක ද නිදා සිටින විට ඉකුත් 08 වැනිදා පාන්දර 1 ත් 3 ත් අතර කාලය තුළ දී නාඳුනන පුද්ගලයකු කොන්ක්‍රීට් තට්ටුවක් දමා තිබුණු නිවෙසේ වහලයට නැඟ තරප්පු පෙළ දිගේ නිවෙසට ඇතුළු වී කාන්තාව නිදා ගෙන සිටි කාමරයේ දොර අසලට ගොස් Ò අම්මේ අම්මේ..Ó කියා කතා කොට ඇති බවත් පොලිසිය පැවසීය. පසුව කාන්තාව සිය පුතා කතා කරනවා යැයි සිතා ඇහැරී දොර ඇරගෙන සාලයට එන අවස්ථාවේ දී නාඳුනන පුද්ගලයෙක් පිහියක් ගෙලට තබා බියගන්වා කාන්තාව බලහත්කාරයෙන් දූෂණය කොට කරාබු ජෝඩුව හා ජංගම දුරකතනය ද රැගෙන ගොස් ඇති බව අදාළ කාන්තාව විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

කාන්තාව වරකාපොළ පොලිසියට කළ පැමිණිල්ල අනුව කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ, කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි. එල්. ලීලවංශ, සහකාර පොලිස් අධිකාරි චමින්ද ධර්මරත්ත මහත්වරුන්ගේ උපදෙස් පරිදි කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර, පොලිස් සැරයන් උපුල් (39508), පොලිස් කොස්තාපල්වරුන් වන බණ්ඩාර (69773), සමරනායක (85316), පොලිස් කොස්තාපල් රියැදුරු රත්නායක (80337) යන නිලධාරින් කණ්ඩායම සිද්ධිය සිදු වී පැය 12 ක කාලයක් යාමට පෙර සැකකරු වරකාපොළ මීරිගම මාර්ගයේ නිවෙසක මත්පැන් පානය කරමින් සිටි‍යදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී කාන්තාවන් තිදෙනකු විවාහ කරගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, විවාහ කරගෙන ඇති සියලු කාන්තාවන් අතහැර දමා ඇති බවත් පොලිසිය පැවසීය. කාන්තාවගේ කරාබු ජෝඩුව කෑගල්ල නගරයේ උකස් භාණ්ඩ මිලට ගන්නා ආයතනයකට උකස් කර රුපියල් 14,000ක මුදලක් ගෙන ඇති අතර, එම මුදල්වලින් මත්පැන් පානය හා බූරු සෙල්ලම් කර ඇති බවද අනාවරණය කරගෙන තිබේ. දුරකතනය අලව්ව මා ඔයට දැමූ බව පවසා ඇති සැකකරු පසුව වරකාපොළ පොලිසියට දුරකතනය දී ඇති බවත්, කරාබු ජෝඩුව උකස් තබා තිබුණු පිටපත දුරකතනයේ සඟවා ගෙන තිබුණු බවත් පොලිසිය පැවසීය. කාන්තාව බිය ගන්වා ඇති පිහිය ද පොලිසිය මඟින් සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පෙරේදා (10) වැනිදා වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, එදිනට හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් ද තබන ලෙසත් පොලිසියට නියෝග කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT