Home » කොමඩු මිල පහත වැටිලා 

කොමඩු මිල පහත වැටිලා 

ආර්ථික මධ්‍යස්ථානයේ වැසිකිළියට යන්න කොමඩු කිලෝ පහක මුදල් ඕනෑ

by mahesh
September 13, 2023 1:00 am 0 comment

මරදන්කඩවල සමූහ - කේ. එස්. කරුණාරත්න

රජරට ප්‍රදේශයේ මහ පරිමාණ කොමඩු වගා කළ ගොවියන්ට තම අස්වැන්න විකුණා ගැනීමට නිසි මිලක් නොමැතිකමින් ඔවුන් දැඩි ආර්ථික අර්බුයකට මුහුණපා සිටී.

රජරට ප්‍රදේශයේ පවතින දැඩි නියං කාලගුණය හමුවේ වුවද කෙසේ හෝ කොමඩු වගාව සිදු කළ ද එම අස්වැන්න සඳහා නිසි මිලක් නොමැති බවට ගොවීන් මැසිවිලි නඟති. දැනට රුපියල් 15 – 20 අතර සුළු මුදලකට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කොමඩු කිලෝවක් අ‍ෙලවි වන බව ඔවුන් පවසයි. ගොවීන් පවසනුයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අස්වැන්න විකිණීමට ගිය පසු එහි වැසිකිළියට යෑමට කොමඩු කිලෝ පහක (05) මුදලක් අවශ්‍යය බවය.

අප හා අදහස් දැක්වූ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කළුඑබේ, මෙගොඩවැව ප්‍රදේශයේ ගොවි මහතෙකු වන සුමිත් කුමාර මහතා මෙසේ පැවසීය.

‘නියඟය තියෙද්දී අපි ළිංවල තියන වතුර ටිකෙන් තමා මේ වගා කරන්නේ. අක්කර භාගයක් වගා කරන්න රුපියල් හැත්තෑදාහක් (70000/=) විතර වියදම්. අස්වැන්න විකුණාගන්න නිසි මිලක් අපිට නැහැ. රුපියල් 15 – 20ට අස්වැන්න විකුණලා අපි මොනවා කරන්නද මහත්තයෝ. අවුරුදු විස්සක් විතර අපි මේ දුකම තමා විඳින්නේ. කිසිම ගොඩයෑමක් නැහැ. වෙලාවට තෙල්, පොහොර ටික නැහැ. එක පැත්තකින් නියඟය. අපිට දැන් වහ බොන්න තමා වෙලා තියෙන්නේ. අපි ඉල්ලන්නේ මේ කොමඩු කිලෝවක් රුපියල් 70 – 80ටවත් මිලදීගන්න කියලා. මොකද දැන් අපි දඹුල්ලේ පොළට මේවා අරන් ගියාම පොළේ තියන වැසිකිළියට යන්නත් අපිට කොමඩු කිලෝ පහක් විකුණන්න වෙලා. ඒ තරමට මිල පහළ ගිහින්’ සුදර්ශණී ලංකා මහත්මිය මෙසේ පැවසීය.

‘අපි අතකනකර මුළු සේසතම උකස් කරලයි මේ ගොවිතැන් කරලා තියෙන්නේ. දැන් ඒ ටික බේරගන්නවත් අපිට සල්ලි නැහැ. සියල්ල ගොවිතැනට යටකළා. කිසිම ආදායමක් නැහැ. මෙහෙම ගියොත් අපිට වහබොනවා ඇර වෙන කරන්න දෙයක් නැහැ. අපි ඉල්ලා සිටින්නේ කොමඩු කිලෝවකට රුපියල 70 – 80 පමණ නිසි මිලක් ලබාදෙන්න කියලයි.’

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT