Home » වොලිබෝල් දැලක සඟවා රැගෙන ආ කොකේන් තොගයක් අල්ලයි

වොලිබෝල් දැලක සඟවා රැගෙන ආ කොකේන් තොගයක් අල්ලයි

by chanaka
September 13, 2023 12:07 pm 0 comment

බ්‍රසීලයේ සිට එවා තිබූ ගුවන් තැපැල් පාර්සලයක් තුළ සඟවා තිබූ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්තයේ ඩී.එච්.එල්.ආයතනයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ තුළ තිබී රුපියල් කෝටි 19ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2යි ග්‍රෑම් 500ක් සොයාගෙන ඇත.

මෙම ගුවන් තැපැල් පාර්සලය ඉකුත් 08/21 දින කොළඹ මරදාන ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ අතර , ඒ තුළ වූ වොලිබෝල් දැළක මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය ඉතා සූක්ෂම ලෙස සඟවා තිබුණි.

මෙම අත් අඩංගුවට ගැනීමේ අවස්ථාව නිරීක්ෂණය කිරීමට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේ ඩී.එච්.එල්.ආයතන පරිශ්‍රය වෙත පැමිණ සිටි අතර , එහිදී නවතම ක්‍රමයක් භාවිතා කර මේ ආකාරයට ශ්‍රී ලංකාව තුළට කොකේන් මත්ද්‍රව්‍ය ගෙන ඒමේ ප්‍රයත්නය වැළැක්වීමට ක්‍රියා කළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත සිය කෘතවේදිත්වය පළ කළේය.

මෙම පාර්සලය භාර ගැනීමට කොළඹ මරදාන ප්‍රදේශයේ ලිපිනය හිමිකරු විසින් බලය පවරා කටුනායක ගුවන් භාණ්ඩ පරිශ්‍රය වෙත එවා තිබූ පුද්ගලයන් දෙනෙකු ඉදිරියේදී මෙම ගුවන් තැපැල් පාර්සලය විවෘත කළ අතර ඒ තුළ වූ කොකේන් මත්ද්‍රව්‍ය එහිදී රසායනික පරීක්ෂා කිරීමකට ලක් කර ඒ බැව් තහවුරු වීමෙන් අනතුරුව මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පියවර ගැණුනි.

මෙසේ අත් අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT