එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්රමය ඉවත් කිරීමට අදාළ විධිවිධාන ක්රියාත්මක වන දිනය 2025.04.01 ලෙස සංශෝධනය කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්රමය (SVAT) 2024.01.01 දින සිට අහෝසි කිරීම ඇතුළුව 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීමට නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.