Home » විදුලි වාහන ද්වි රෝද රථවල තීරුබදු ඉවතට

විදුලි වාහන ද්වි රෝද රථවල තීරුබදු ඉවතට

by mahesh
September 13, 2023 1:00 am 0 comment

නුවන් කොඩිකාර

දේශීය වශයෙන් විදුලි වාහන නිෂ්පාදනය සහ එකලස් කිරීම දිරිගැන්වීම අරමුණු කර ගනිමින් විදුලි වාහන, විදුලි ද්වි රෝද රථ ඇතුළු වාහන කිහිපයක් සඳහා තීරුබදු ඉවත් කිරීමට තීරණය කෙරේ.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 50ක අවම ආයෝජනයක් විදුලි වාහන සහ ප්ලග්-ඉන් දෙමුහුන් විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ නියැළෙන ආයෝජකයන්ට මෙම බදු සහනය හිමි වෙයි.

ඒ සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට අනුමැතිය පළ වී තිබේ.

500kw දක්වා බල ශ්‍රේණිගත කිරීමක් සහිත විදුලි වාහන, විදුලි ද්වි රෝද රථ සහ 3000cc දක්වා එන්ජින් ධාරිතාව සහිත ප්ලග්-ඉන් දෙමුහුන් විද්‍යුත් වාහන එකලස් කිරීම සඳහා නවීන අර්ධ වශයෙන් එකට එකතු කරන ලද (Semi-Knockde – Down/SKD) කට්ටල ආනයනය කිරීමේදී CIF අගය මත ශුන්‍ය තීරුබදු (0%) ගාස්තුවක් ඒ අනුව පැනවේ.

බොහෝ අසියාතික රටවල් මඟින් විදුලි වාහන සහ ප්ලග් ඉන් දෙමුහුන් විද්‍යුත් වාහන එක්සල් කිරීම සහ නිෂ්පාදන කිරීම සඳහා ශුන්‍ය තීරුබදු අනුපාතයක් පැනවීමෙන් වඩාත් හිතකර ප්‍රවේශයක් අනුගමනය කළ හැකිය යන විශ්වාසයෙන් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

එම ආකර්ෂණීය දිරිගැන්වීම මඟින් ආයෝජකයන් සහ නිෂ්පාදකයන් ආකර්ෂණය කර ගැනීම මෙන්ම අනාගත අපනයන විභවයන් කෙරෙහි යොමු වීමට හැකි වන අතරම පාරිසරික ආරක්ෂාව පිළිබඳ ගෝලීය නිර්ණායකයන්ට අනුගතව කටයුතු කිරීමට ද හැකි වනු ඇත.

ඒ අනුව, දේශීය වශයෙන් විදුලි වාහන නිෂ්පාදනය දිරිගැන්වීම අරමුණු කරගෙන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ දැනට ගිවිසුම්ගතව පවතින හෝ අලුතින් ගිවිසුම්ගත වන සමාගම් වෙත මෙම පහසුකම හිමි වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT