රජයේ අනුමත කොට ඇති ප්‍රවාහනය කළ හැකි මත්පැන් ප්‍රමාණය ඉක්මවා රජයේ අනුමත මත්පැන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු මත්පැන් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් ඊයේ (12) හපුතලේ දඹේතැන්න මාර්ගයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් හපුතලේ පොලිස් වසමේ හපුතලේ දඹේතැන්න මාර්ගයේ දී වැටලීමක් සිදු කැර ඇත.
එහිදී බලපත්‍ර නොමැතිව රජයේ මත්පැන් ප්‍රමාණය ඉක්මවා ත්‍රි රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු හපුතලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක පුද්ගලයෙකි. සැකකරු සන්තකයේ තිබී මත්පැන් මිලිලීටර් 750 ප්‍රමාණයේ විශේෂ අරක්කු බෝතල් 25ක්, මිලිලීටර් 180 ප්‍රමාණයේ විශේෂ අරක්කු බෝතල් 30ක් සහ මිලිලීටර් 625 ප්‍රමාණයේ බියර් බෝතල් 20ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාපය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශේධ ප්‍රනාන්දු මහතාගේ මඟපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී වී.සී.ඒ.එස්. ද සිල්වා මහතාගේ අධීක්ෂණය මත හපුතලේ කඳවුරේ දෙවැනි කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ජී.ඒ.බී. ලලින්ද ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම කර තිබේ.