Home » පුද්ගලයකුට වෙඩි තබා කපා කොටා ඝාතනය කිරීමට තැත් කළැයි කියන අඹුසැමි යුවළ දැලේ

පුද්ගලයකුට වෙඩි තබා කපා කොටා ඝාතනය කිරීමට තැත් කළැයි කියන අඹුසැමි යුවළ දැලේ

by mahesh
September 13, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට වෙඩි තබා කපා කොටා ඝාතනය කිරීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් අඹුසැමි යුවළක් පෙරේදා (11) අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 29ක් වන සැමියා සහ වයස අවුරුදු 23ක් වන බිරිය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් දෙදෙනා හුංගම, වාඩිගල පදිංචිකරුවන්ය.

මෙම ඝාතන තැත සම්බන්ධයෙන් සැමියාවද, ඊට ආධාර හා අනුබල දීම සම්බන්ධයෙන් බිරියව ද අත්අඩංගුවට ගෙන තිබේ.

සැමියාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හම්බන්තොට හා හුංගම පොලිස් වසම්වල සිදු වූ එළ ගව සොරකම් 03කට ද සම්බන්ධ බව අනාවරණය වී ඇත. මෙම පුද්ගලයාට හම්බන්තොට හා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණවලින් වරෙන්තු 06ක් ද නිකුත්ව තිබෙන බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙම සැකකාර යුවළ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙම ඝාතන තැත සම්බන්ධයෙන් පසුගිය ජූලි 29 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකාය ඇඳුපැලෑනේ බිංදු නමැති පුද්ගලයාව ද අත්අඩංගුවට ගෙන හම්බන්තොට පොලිසියට භාරදී තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT