අව්‍යාජ සම්බන්ධතා ධනාත්මක ශක්තියක් නිර්මාණය කරන අතර, එමගින් ඵලදායීතාව ඉහළ නංවන අතර රැකියා තෘප්තිය සහ සමස්ත යහ පැවැත්ම ඉහළ නංවන බව ICF Colombo Chapter හි සභාපතිනී දයාලනී අබේගුණවර්ධන මහත්මිය පැවසුවාය.
සභාපතිවරිය එසේ ප්‍රකාශ කළේ, පෙරේදා(11) කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිණි. ICF Colombo Chapter මගින් ලබන මස 17,18,19 දිනවල කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී පැවැත්වීමට නියමිත මෙරට ප්‍රථම ජාත්‍යන්තර Coaching සමුළුව සංවිධාන කරණු ලැබේ. මෙය මානව සම්බන්ධතා සඳහා පුහුණු කිරීම/අර්ථවත් සංවාද සඳහා කැඳවීමක් තේමාව වටා කේන්ද්‍රගත වේ.
වෙනස් කිරීමක් අරමුණු කරගෙන පවත්වනු ලබන සංවාද, සහයෝගීතාව ගොඩනැඟීම සඳහා වන සංවාද, අනුකම්පාව පදනම්කරගෙන පවත්වනු ලබන සංවාද, ඵලදායී ප්‍රතිපල අරමුණු කරගෙන කරණු ලබන සංවාද වශයෙන් ප්‍රධාන අංශ හතරක් කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරේ. මෙම සම්මන්ත්‍රණයේ ආරම්භක දිනයේ දේශීය හා ජාත්‍යන්තර පුහුණුකරුවන්, ව්‍යාපාරිකයන්, ක්‍රියාකාරී නායකයන්, කීර්තිමත් කථිකයින් සමඟ සබඳතා ඇතිකර ගැනීමේ අවස්ථා ඇතුළත් වේ. දෙවැනි දින ඉහත සඳහන් කළ කොටස් හතරට අදාළව අත්දැකීම් බෙදා ගන්නා කථිකයන් සමඟ සම්බන්ධවීමට අවස්ථාව ලැබේ. තුන්වැනි දිනයේදී Coaching කලාව සහ විද්‍යාව, Coaching ක්‍රම සහ කෝචින් වෘත්තියක් ලෙස කිරීමට අපේක්ෂා කරන්නන් ඒ සඳහා ඇති අවස්ථා පිළිබඳ දැනුමක් ලබාදීම සඳහාය. මෙම සමුළුවට ICF නායකයන්, විදෙස් කණ්ඩායම්, මෙරට ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය. මෙරට තුළ සහතික ලත් කෝචස්ලා 200කට වැඩි ප්‍රමාණයක් සහ ICF සහතිකය සහිත පුහුණුකරුවන් 30කට වැඩි සංඛ්‍යාවක් සිටින බව එහි ප්‍රකාශකයකු මෙම මාධ්‍ය හමුවේදී පැවසීය. මෙම සම්මන්ත්‍රණය මෙරට වෘත්තීය පුහුණු කිරීම පිළිබඳ දැනුවත් කිරීමට වේදිකාවක් සපයනු ඇති බවද ICF Colombo Chapter හි සභාපතිනිය මෙහිදී ප්‍රකාශ කළාය. ධනාත්මකව ඉදිරියට යන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධකර ගැනීමට මෙය හොඳ අවස්ථාවක් යයිද මෙම අවස්ථාවට සහභාගි වූ එහි හිටපු සභාපති ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. මෙම අවස්ථාව සඳහා එහි උප සභාපතිනී ඇන්ඩ්‍රියා ජයතිලක, එහි අධ්‍යාපන කමිටුවේ උප සභාපති මහේෂ් ජයසිංහ මහත්ම, මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. ඡායාරූපය
සුලෝචන ගමගේ