Monday, April 21, 2025
Home » මෙරට නිදහස් අධ්‍යාපනයක් ක්‍රියාත්මක වුවත් සරසවියට පිවිසීමට ඇති අවස්ථා අඩුයි

මෙරට නිදහස් අධ්‍යාපනයක් ක්‍රියාත්මක වුවත් සරසවියට පිවිසීමට ඇති අවස්ථා අඩුයි

මහාචාර්ය උතුරාවල ධම්මරතන නාහිමි

by mahesh
September 13, 2023 1:00 am 0 comment

ජයසිරි මුණසිංහ

ශ්‍රී ලංකාවේ පූර්ණ නිදහස් අධ්‍යාපනයක් ක්‍රියාත්මක වුවත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පිවිසීම සඳහා ඇත්තේ ඉතා අල්ප අවස්ථාවක් බව ශ්‍රී ලංකා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ (IUSL Campus) හි කුලපති මහාචාර්ය උතුරාවල ධම්මරතන නාහිමියෝ ප්‍රකාශ කළහ.

මේ හේතුවෙන් අපේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පිවිසීමට අවස්ථාව අහිමිවන දරු දැරියන්ට තම නිවසේ සිට හෝ ලොව කොතැනක සිට හෝ ඔන්ලයින් (මාර්ගගත ක්‍රමවේදයට) IUSL කැම්පස් හා සම්බන්ධ වී උපාධි දිනා ගැනීමට අවස්ථාව සැලසී ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව යුගයක විප්ලවීය ආරම්භයක් සටහන් කරමින් මෙරට සිසුන්ට තම නිවසේ සිට හෝ ලෝකයේ ඕනෑම තැනක සිට ඔන්ලයින් ඔස්සේ ඉගෙන ගැනීමට හැකි ඉගෙනුම් පද්ධතියක් IUSL කැම්පස්හි ස්ථාපිත කර ඇත.

ඔන්ලයින් ඔස්සේ ඉගෙන ගැනීමට අවස්ථාව වැඩි වශයෙන් හිමි කර දෙමින් අති නවීන පහසුකම්වලින් යුක්ත වූ, ඉගෙනුම් විෂය පථය පුළුල් වූ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් අපේ රටේ ඇති කිරීමේ අවශ්‍යතාව බොහෝ විද්වතුන් සහ අධ්‍යාපනඥයන් විසින් අවධාරණය කළ කරුණක් බව විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය ප්‍රභාත් වීරසිංහ මහතා පැවසීය.

එම අවශ්‍යතාව ඉටු කරමින් නව විශ්වවිද්‍යාලය ආරම්භ කළ බව පැවැසූ ආචාර්ය ප්‍රභාත් වීරසිංහ මහතා මෙමඟින් දැනුම, නවෝත්පාදන සහ පර්යේෂණ සඳහා වැඩි ඉඩකඩක් ලබාදීම සිදු කරන බව ද පැවසීය.

IUSLකැම්පස්හි අධ්‍යයන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ඩිල්මි රණවීර මහතා-

අපි මේ විශ්වවිද්‍යාලය මඟින් විද්‍යා ප්‍රබන්ධ යථාර්ථයක් බවට පත්වන ක්ෂේත්‍ර පිළිබඳව පවා ඉගෙනුම් කරනවා.

අපි ඒවාට අනුවර්තනය වීමට අපේ දරුවන්ට කියා දිය යුතුයි. කෘත්‍රිම බුද්ධිය (AI) ඉගෙනීම, යාන්ත්‍රික විද්‍යාව, සයිබර් ආරක්ෂාව වැනි විෂයන් වගේම කර්මාන්ත වර්ධනය නවෝත්පාදන හැඩගස්වන ආකාරය ගැන ඉගෙනුම් දෙනවායැයි කීය.

ඉංජිනේරු, සෞඛ්‍ය, ව්‍යාපාරික, පරිගණක, බෞද්ධ අධ්‍යාපන පීඨ හයකින් මෙහි ඉගෙනුම් කරනවා යැයිද ඔහු පැවසීය.

කොළඹ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ ඉකුත්දා පැවැති IUSLකැම්පස්හි සමාරම්භක උත්සවයට කුලපති මහාචාර්ය උතුරාවල ධම්මරතන නාහිමි, උපකුලපති ආචාර්ය ප්‍රභාත් වීරසිංහ,හිටපු ඇමැති දොස්තර රාජිත සේනාරත්න,තිස්ස අත්තනායක, විද්වතුන්, අධ්‍යාපනඥයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT