Home » සිවු හැවිරිදි දැරියගේ මරණයට විවෘත තීන්දුවක්

සිවු හැවිරිදි දැරියගේ මරණයට විවෘත තීන්දුවක්

by mahesh
September 13, 2023 1:03 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ, හල්තොට - විනීතා මානෙල්

නි‍ෙවස තුළදී නින්දේදි මියගිය. සිවු හැවිරිදි දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකොට සාක්කි හා අදාළ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් පසු මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දීමට හොරණ මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක මුළු දිවයිනටම සාමවිනිසුරු සුමේධ ගුණවර්ධන ඊයේ (12) තීරණය කළේය.

හොරණ දික්හේනපුර 11 වන පටුමඟ පදිංචිව සිටි පයාගලගේ සනුකි අනන්‍යා සේසත්‍රි සිවු හැවිරිදි දැරියගේ හදිසි මරණය සම්බන්ධයෙන් හොරණ මූලික රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව හදිසි මරණ පරීක්ෂකවරයා එම තීන්දුව ලබා දුන්නේය.

(මෙහිදී දැරියගේ මව වන පනම්වෙල ජයසිංහ දිස්නා මහත්මිය සාක්ෂි දෙමින් මෙසේ පැවසුවාය)

පයාගලගේ සසංක සඳරුවන් කියන්නේ මගේ සැමියා,අපි විවාහ වෙලා වසර හයක් පමණ වෙනවා. අපිට හිටියේ එකම දරුවා සනුකි දුව විතරයි. දරුවාට කිසිම අසනීපයක් තිබුණේ නෑ කාලා බීලා සෙල්ලම් කරලා හොඳින් හිටියා. දුවට සතියක පමණ වගේ ඉඳලා සෙම අමාරුවක් තිබුණා. ඒ සඳහා පුද්ගලික වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා දුන්නා,ඒකට අඩු වුණා.

පෙරේදා (11) දහවල් වෙනදාට මෙන් දරුවාට කන්න දීලා එයින් පසුව මමත් බත් කාලා එකයි කාලට විතර, විනාඩි දහයක් විතර බබා මගේ පෝන් එක ඔබ ඔබ ඉඳලා එයාට එහෙමම නින්ද ගියා.

මඳ වේලාවකදී මුළුතැන්ගෙයි වැඩ ඉවර කරලා මමත් නිදාගන්න හිතාගෙන දුව ඉන්න ඇඳ ළඟට ආවා ඒ ඇවිත් බලන විට දරුවාට මුත්‍රා පිට වෙලා තිබුණා. අවදි කරන්න හදන විට දරුවා අවදි වුණේ නැහැ.

මම කතා කරලා හොල්ලලා ඇල කරලා බලලා වතුර ටිකක් මුහුණට ගාලා බැලුවා ඒත් බබා කතා කළේ නැහැ, පසුව මම සැමියාට කතා කරලා මේ බව පැවසුවා, එයා ඒ වෙලාවේ ගිලන් රථයට කතා කරලා තිබුණා. මම ඒක එන්න ප්‍රමාද වුණ නිසා දරුවා අරගෙන පාර දිගේ දුවගෙන ආවා. පසුව ආපු මෝටර් බයික් එකක් නවත්වා ඒකේ නැගලා දික්හේන හන්දියට ආවා එතනින් බැස ත්‍රිරෝද රථයකින් දරුවා රැගෙන රෝහලට ආවා. එහිදී වෛද්‍යවරුන් පරීක්ෂා කරලා කිවුවා දරුවා මියගිහින් කියලා.

මමත් ඉක්මනට රෝහලට ආවා මම එනවිටත් දුවට වෛද්‍යවරු ප්‍රතිකාර ලබා දෙනවා. ටික වේලාවකට පසු වෛද්‍යවරු පැවසුවා දුව මියගිය බව. දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය හොරණ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය කේ.ඊ. මුහන්දිරම් මහත්මිය විසින් සිදු කරන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT