ජනාධිපති ව්ලැදිමිර් පුටින් සමඟ සාකච්ඡාවක් සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඔහුට අයත් වෙඩි නොවදින දුම්රියෙන් රුසියාවට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු කොරියාවේ දේශසීමාවට කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි රුසියාවට අයත් වැලැදිවොස්ටොක් නුවරදී රාජ්‍ය නායකයන් දෙදෙනාගේ හමුවීම සිදුවන බවත්, රුසියානු ජනාධිපතිවරයා උතුරු කොරියානු නායකයාගේ පැමිණීම අපේක්ෂාවෙන් එහි ගොස් සිටි බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. කෙසේ වුවත් දෙදෙනාගේ සාකච්ඡාව පැවැත්වෙන ස්ථානය නිවේදනය කර නැති බව ද වාර්තා වේ.
අධිආරක්ෂිත සහ අතිසුඛෝපභෝගී මේ දුම්රිය ගමනාන්තයට සේන්දු වීමට පැය 20ක් පමණ ගතවනු ඇතැයි ද වාර්තා වේ. බර අවි සහිත අවිආයුධවලින් සන්නද්ධ වී ඇති බැවින් උතුරු කොරියානු නායකයාගේ දුම්රිය වැඩි වේගයකින් ධාවනය නොවන බව ද වාර්තා වේ. උතුරු කොරියානු නායකයා විදෙස් සංචාරයක නිරත වන්නේ වසර 4කට පසුවය. පුටින් සහ කිම් ජොන් මුහුණට මුහුණ අවසන් වරට හමු වී ඇත්තේ 2019 වසරේදීය. මේ සාකච්ඡාව පැවැත්වෙන්නේ වැලැදිමිර් පුටින් උතුරු කොරියානු නායකයාගෙන් යුක්රේන යුද්ධයට ආයුධ ඉල්ලීම සම්බන්ධව බව අමෙරිකාව ප්‍රකාශ කර තිබේ.