Home » මොළයේ සෛල විනාශ කරන බියකරු වෛරස රෝගයක් ඉන්දියාවෙන් වාර්තා වෙයි

මොළයේ සෛල විනාශ කරන බියකරු වෛරස රෝගයක් ඉන්දියාවෙන් වාර්තා වෙයි

by yasara
September 13, 2023 3:12 pm 0 comment

දුර්ලභ වෛරස් ආසාදනයකින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙයි.

නිපා ලෙසින් හඳුන්වන මෙම වෛරසය හේතුවෙන් මේ වන විට දෙදෙනෙකු මිය ගොස් තිබෙයි

ඉන් එක් අයෙක් අගෝස්තු මාසයේදී මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා මීට දින කිහිපයකට පෙර මියගොස් ඇත.

මෙම දෙදෙනාම එකම පවුලේ සාමාජීකයන් බව වාර්තා වෙයි.

තවත් දෙදෙනෙකුට මෙම වෛරසය මේ වන විට ආසාදනය වී ඇති අතර ඔවුන්ගේ ජෛව සාම්පල් පරීක්ෂණ වලට යවා තිබෙයි.

නිපා වෛරසය හේතුවෙන් මොළයේ සෛල විනාශ වන බවත් එය මිනිසුන් අතර පැතිරෙන්නේ ශ්‍රාව ස්පර්ශයෙන් බවත් වෛද්‍යවරු පවසති.

ආසාදිත ඌරන් සහ වවුලන් මඟින් වෛරසය පැතිරෙන බව හඳුනාගෙන ඇති අතර මෙතෙක් ඊට සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන නොමැති බවද සඳහන් ය.

නිපා වෛරසය පාලනය කිරීමට කේරළ ප්‍රාන්තයේ සමහර පාසල් සහ රජයේ ආයතන වසා දැමීමටත් පොදු ගමනාගමන සේවා තාවකාලිකව අත්හිටුවීමටත් අද (13) එම ප්‍රාන්ත බලධාරීන් කටයුතු කර තිබෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT