Home » වැඩ බලන අමාත්‍යවරු 04 ක් පත් කෙරේ

වැඩ බලන අමාත්‍යවරු 04 ක් පත් කෙරේ

by yasara
September 13, 2023 10:51 am 0 comment

presiiii 45

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙයි.

එක්සත් ජාතීන්ගේ 78 වැනි මහා මණ්ඩල සැසිවාරය සැප්තැම්බර් 18 වැනිදා සිට සැප්තැම්බර් 26 වැනිදා දක්වා නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 21 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතීමට නියමිතය.

මේ අතර ජනපති විදේශගත වීම හේතුවෙන් වැඩබලන අමාත්‍යවරුන් 04ක් පත් කර තිබෙයි

ඒ අනුව වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ,වැඩ බලන මුදල් අමත්‍යවරයා ලෙස – රංජිත් සියඹලාපිටිය මහතා ,වැඩ බලන තාක්ෂණ අමත්‍යවරයා ලෙස  කනක හේරත් මහතා වැඩ බලන සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස අනූප පස්කුවල් මහතා  පත් කර තිබෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT