Sunday, April 20, 2025
Home » කළුබෝවිටියාන තේ කම්හලට කෝප් සභාපතිගෙන් ශුභාශිංසන
වාර්තාගත ආදායමක්

කළුබෝවිටියාන තේ කම්හලට කෝප් සභාපතිගෙන් ශුභාශිංසන

by mahesh
September 13, 2023 1:00 am 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලාව 2022 වසරේදී රුපියල් බිලියන 2ක වාර්තාගත ආදායමක් ඉපැයීමට සමත්ව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී පසුගියදා අනාවරණය විය.

රාජ්‍ය සමාගමක් වන කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලාව කුඩා ආයතනයක් වුවද ගිණුම්, මූල්‍ය ප්‍රකාශන ඇතුළු කරුණු කාරණා අනුව විශාල ප්‍රගතියක් පෙන්වා ඇති බවත් අනෙකුත් ආයතනවලට මෙම ආයතනය විශාල ආදර්ශයක් බවත් විගණකාධිපතිවරයා කාරක සභාව හමුවේ ප්‍රකාශ කළේය.

මෙවන් ප්‍රගතියක් සහිත ආයතනයක් හමුවූයේ බොහෝ කාලයකින් බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මෙන්ම විගණකාධිපතිවරයා ද කාරක සභාව හමුවේ ප්‍රකාශ කළහ.

2013 වසරේදී කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත කැඳවා ඇති අතර එහිදී ලබාදුන් නිර්දේශ, සියයට අනූපහක ප්‍රමාණයකට අනුගත වෙමින් ආයතනය කටයුතු කර ඇති බවත් ඉහළ කළමනාකරණ දක්ෂතා තුළ විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බවත් විගණකාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT