Home » ඇමැති ටිරාන්ට අපහාස කළැයි දුමින්ද නාගමුව CIDයට

ඇමැති ටිරාන්ට අපහාස කළැයි දුමින්ද නාගමුව CIDයට

by mahesh
September 13, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට සමාජ මාධ්‍ය ජාල මඟින් අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ (12) පෙනී සිට ඇත.

දුමින්ද නාගමුව මහතා විසින් මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් මුල්කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් කළ පැමිණිල්ලකට අනුව එම විමර්ශනය ආරම්භ කරනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කළ කැඳවීමකට අනුව දුමින්ද නාගමුව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එහිදී ඔහුගෙන් ප්‍රකාශයක්ද සටහන් කරගෙන තිබිණ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT