අවුරුදු 19 න් පහළ බාලිකා දෙවැනි කොටසේ තරගාවලියේ පළමු වටයේ තරගවලදී තුන් ඉරියව් දස්කම් දැක්වීමට චඳලි ඉසුරිකා (ජයසිරිපුර කනිෂ්ඨ විද්‍යාලය), සෙත්මි නෙහාරා (කුඹුක්කන ශ්‍රී පඤ්ඤානන්ද මහා විද්‍යාලය) සහ චමුදි මුණසිංහ (කුඹුක්කන ශ්‍රී පඤ්ඤානන්ද මහා විද්‍යාලය) සමත් වූහ.
සෙත්මි නෙහාරා සහ චමුදි මුණසිංහ මොණරාගල මදුරුකැටිය මහා විද්‍යාලයට එරෙහිව තුන් ඉරියව් දස්කම් දැක්වූහ. සෙත්මි නෙහාරා පන්දු 74කදී හතරේ පහර 22ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 149ක් රැස් කළ අතර, චමුදි මුණසිංහ පන්දු 56කදී හතරේ පහර 21ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 106ක් රැස් කිරීමට සමත් වූවාය. මීට අමතරව පන්දු යැවීමේදී සෙත්මි කඩුලු 3ක් සහ චමුදි කඩුලු 4ක් දවාලූහ.
දෙහිඅත්තකණ්ඩිය මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පොලොන්නරුව ජයසිරිපුර කනිෂ්ඨ විද්‍යාලයේ චඳලි ඉසුරිකා පන්දු 69කදී හතරේ පහර 20ක් සමඟින් නොදැවී ලකුණු 111ක් රැස් කිරීමට සමත් වූවාය. ඇය පන්දු යැවීමෙන් ද කැපී පෙනෙන දස්කම් පාමින් කඩුලු 4ක් බිඳ දැමුවාය.
කුඹුක්කන ශ්‍රී පඤ්ඤානන්ද මහා විද්‍යාලයට
ලකුණු 288ක ජයක්
ශ්‍රී පඤ්ඤානන්ද -386/4 (ඕවර 25) සෙත්මි නෙහාරා 149, චමුදි මුණසිංහ 106 (දිනිති සංජනා නොදැවී 39, දිනීෂා සමාධි 50/2)
මදුරුකැටිය- 98 (ඕවර 20) චමුදි මුණසිංහ 7/4, සෙත්මි නෙහාරා 17/3 යි.
පොලොන්නරුව ජයසිරිපුර කනිෂ්ඨ විද්‍යාලයට
ලකුණු 204ක ජයක්
ජයසිරිපුර ක.වි.- 270/3 (ඕවර 25) චඳලි ඉසුරිකා නොදැවී 111, රශ්මි මධුෂානි 31, නිමාෂි වර්ෂනි 25 යි.
දෙහිඅත්තකණ්ඩිය ම.ම.වි.- 66 (ඕවර 13.1) චඳලි ඉසුරිකා 16/4
ඉෂානි යද්දෙහි