Home » ශ්‍රී ලංකාවට 214ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට 214ක ඉලක්කයක්

by chanaka
September 12, 2023 8:46 pm 0 comment

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය දැන් පැවැත්වේ. ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම, සියලුදෙනා දැවී ලකුණු 213 ක් රැස් කර ගැනීමට සමත්විය.

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වූ‍ රෝහිත් ශර්මා සමගින් ෂුබ්මන් ගිල් ඉන්දීය කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දුන්නේය. කෙසේ වෙතත්, තරගයේ 12 වැනි පන්දු වාරයේදී ක්‍රියාත්මක වූ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ප්‍රථම කඩුල්ල ලෙස ෂුබ්මන් ගිල් දවා ගත්තේය.

අනතුරුව, ප්‍රබල ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි දෙවැනි කඩුල්ල ලෙසත්, ඉන්දීය නායක රෝහිත් ශර්මා සිය තෙවැනි කඩුල්ල ලෙසත් දවා ගැනීමට ඔහු සමත් විය. සිව්වැනි කඩුල්ල ලෙස කේ එල් ‍රාහුල් දවා ගන්නේ ලකුණු පුවරුව 154 ක් ව තිබියදී ය.

ඒ අනුව සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ දුනිත් වෙල්ලාලගේ නියමිත පන්දුවාර 10 තුළ ලකුණු 40 කට කඩුලු 5 ක් දවා ගත්තේය. එය, දඟ පන්දු යවන්නෙකු ඉන්දීය කණ්ඩායමේ මුල්පෙළ කඩුලු 5 දවා ගත් ප්‍රථම අවස්ථාව ලෙස වාර්තා අතරට එක්වේ.

එමෙන්ම, ඉන්දීය කණ්ඩායමට එරෙහිව දඟ පන්දු යවන්නෙකු දැක් වූ හොඳම දෙවැනි දක්ෂතාව ලෙසත්, මෙය වාර්තා අතරට එක් විය. අනතුරුව, අතිරේක පන්දු යවන්නෙකු ලෙස ක්‍රියාත්මක වූ චරිත් අසලංක, ඉන්දීය කණ්ඩායමට නැවතත් ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් වුණි.

චරිත්, සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ප්‍රබල ඉන්දීය කණ්ඩායමේ කඩුලු 4 ක් දවා ගත්තේය. මහීෂ් තීක්ෂණ එක් කඩුල්ලක් දවා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 214 ක ඉලක්කයක් හිමිව තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT