Saturday, April 19, 2025
Home » දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගුයි

දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගුයි

by chanaka
September 12, 2023 9:09 am 0 comment

දුම්රිය සේවක වර්ජනයක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය ධාවනාගාර කිහිපයක ඊයේ(11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර තිබීම ඊට හේතුවයි.

එම සංගමය ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කළේ වැටුප් වර්ධක සම්බන්ධ ගැටලුවක් මුල්කර ගනිමින් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

කෙසේ වෙතත් අද(12) කාර්යාල දිනයක් බැවින් කාර්යාල සේවකයන් මෙන්ම පාසල් සිසුන් ද දුම්රිය නොමැති වීමෙන් දැඩි අපහසුතාවට පත්ව සිටියේය. අද දුම්රිය ගමන්වාර 36ක් පමණ අවලංගු කර ඇති බව වාර්තා වේ.

ඊයේ පෙරවරුවේ ද දුම්රිය සේවකයන්ගේ හදිසි වර්ජනයක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල විය. එහෙත් බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසුව එම වර්ජනය අවසන් කෙරුණි.

කෙසේ වෙතත් ඒ අතරතුර තවත් දුම්රිය සේවක සංගමයක් ඊයේ රාත්‍රියේ මාධ්‍ය හමුවක් පවත්වමින් වැඩවර්ජනයක් ගැන සදහන් කළේය.

දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක මහතා පැවසුවේ, වැටුප් වර්ධක සම්බන්ධ ගැටලුවක් මුල්කර ගනිමින් වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

දුම්රිය සේවකයන් නිරන්තරයෙන් සිදුකරන වර්ජන හේතුවෙන් තමන් අපහසුතාවට පත් කිරීම බලවත් අසාධාරණයක් බව දුම්රිය මගීන් චෝදනා කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT