Home » කිලෝමීටර් 1,000 ක පාගමනක නිරතවූ ලාංකිකයාට ඔස්ට්‍රේලියා PRදෙයි

කිලෝමීටර් 1,000 ක පාගමනක නිරතවූ ලාංකිකයාට ඔස්ට්‍රේලියා PRදෙයි

by chanaka
September 12, 2023 10:21 am 0 comment

ස්ථිර පදිංචිය ඉල්ලා කිලෝමීටර් 1,000 ක පාගමනක නිරතවූ ශ්‍රී ලාංකිකයා සහ පවුලේ සාමාජිකයන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පිරිනමා තිබේ.

ගමනාන්තයට ළගාවීමට කිලෝමීටර් කිහිපයක් තිබියදී ඔවුන්ගේ සංක්‍රමණ නීතීඥවරයා විසින් ඒ බව දැනුම් දී ඇතැයි www.abc.net.au වෙබ් අඩවිය වාර්තා කර ඇත.

නීල් පාරා නම් මොහු වික්ටෝරියා හි බලරට් නගරයෙන් මෙම පාගමන ආරම්භ කරනු ලැබුවේ පසුගිය අගෝස්තු 01 වැනිදාය.

ඔස්ට්‍රේලියාව තුළ දැනට සරණාගත වීසා මත සිටින්නන් සහ දේශපාලන රැකවරණය පතන්නන් හට ස්ථිර විසඳුමක් ලබාදෙන්නැයි බලකිරීම එහි අරමුණ විය.

12,500 කට වැඩි දේශපාලන රැකවරණ පතන්නන් සඳහා මෙරට ස්ථිර පදිංචිභාවය ලබාදෙන ලෙස රජයට බල කෙරෙන අත්සන් 19,000 ක පෙත්සමක්ද නීල් පාරා විසින් රැගෙන ආ අතර එය සිඩ්නි නුවර අගමැති කාර්යාලයට භාරදීමට ද නියමිත ය.

2008 වසරේ ශ්‍රී ලංකාවේ යුධමය වාතාවරණය පැවති සමයේ පළා ආ නීල් පාරා සහ ඔහුගේ බිරිඳ මෙන්ම ඔවුන්ගේ දරුවන් 03 දෙනා ද වසර 09 කට ආසන්න කාලයක් කිසිදු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට වාසය කරමින් සිටි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT