අස්වැසුම’ යෝජනා ක්‍රමයේ දෙවැනි අදියර ලෙස ගිණුම් තහවුරු කරගත් ප්‍රතිලාභීන් 257,170ක් සඳහා ජූලි මසට අදාළ ප්‍රතිලාභ පිරිනැමීමට රුපියල් කෝටි 155ක මුදල බැංකු වෙත නිකුත් කිරීමට මහා භාණ්ඩාගාරය පියවර ගෙන තිබිණ.
ඒ අනුව අදාළ මුදල මේ වන විට බැර කර ඇති බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙන්නේ බැංකු මඟින් ප්‍රතිලාභී ගිණුම් සඳහා එම මුදල් අද (08) දිනය වන විට බැර කරනු ඇති බවයි.
ගිණුම් තහවුරු කරගත් පසු ඉතිරි ප්‍රතිලාභීන් සඳහා ගෙවීම් කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය කටයුතු සූදානම් කර ඇති අතර ජූලි මසට අදාළ ගෙවීම සිදුකළ පසු, අගෝස්තු මසට අදාළ ගෙවීම සියලු ප්‍රතිලාභීන් සඳහා එකවර ගෙවීමට හැකියාව පවතින බව ද ඒ මහතා පෙන්වා දෙයි.
පළමු අදියර ලෙස ප්‍රතිලාභී පවුල් 791,000කට අදාළ රුපියල් මිලියන 5,016ක් ගෙවා අවසන් කර ඇති බවත් මේ වන විට ‘අස්වැසුම’ට අදාළව පවුල් 1,048,170කට රුපියල් මිලියන 6,566ක මුදලක් රජය ගෙවා ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.
අභියාචනා හා විරෝධතා සම්බන්ධ සමීක්ෂණ කටයුතු අවසන් වූ පසු සියලු ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදු කිරීමට සැලසුම් කර ඇත.