බණ්ඩාරගම – බිමල් ජයසිංහ
පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක
පයාගල පොලිසියේ නිලධාරීන් දස දෙනකු පමණ ආහාර විෂ වීමකින් රෝගාතුර වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
රෝගාතුර වූ පිරිස් අතර පාලන අංශයේ සහ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරුන් දෙදෙනා වන උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා මෙන්ම පොලිස් කාන්තාවන් මෙන්ම කොස්තාපල්වරුන් ද සිටින බව දැනගන්නට ලැබී ඇත.
මේ වන විට නාගොඩ රෝහලේ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා පොලිස් කාන්තාවක සහ කොස්තාපල්වරයකු පමණක් ප්‍රතිකාර ලබන බවත් සෙසු අය ප්‍රතිකාර ගෙන පෙරේදා රාත්‍රියේම පිටවී ගොස් ඇති බවත් රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
පෙරේදා (06) රාත්‍රී බත් සමඟ ආහාරයට ගත් හතු වර්ගය විෂ වීම හේතුවෙන් මෙලෙස රෝගාතුර වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
එලෙස රෝගාතුර වූ පිරිසට වමනය, බඩ එළිය යෑම ආදි රෝග ලක්ෂණ පහළ වී ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ඇත.
හතු වෑංජනය සීමිත පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් පමණක් ආහාරයට ගෙන ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.