Home » යොවුන් සිව්දින සටනට වැස්සෙන් බාධා

යොවුන් සිව්දින සටනට වැස්සෙන් බාධා

තෙවැනි දිනයටම ඕවර 24.5යි

by mahesh
September 8, 2023 12:56 am 0 comment

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු 19න් පහළ කණඩායම් අතර පළමු සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ වර්ෂාවෙන් බාධා ඇති විය.

මේ හේතුවෙන් දිනය තුළ ක්‍රියාත්මක කළ හැකි වූයේ ඕවර 24.5ක් පමණි. එහිදී සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සංචාරක කොදෙව් පිල තවත් ලකුණු 92ක් එක් කර ගනිද්දී ශ්‍රී ලංකා පන්දු යවන්නෝ කඩුලු 2ක් දවා ගත්හ.

ඒ අනුව තරගයේ තෙවැනි දිනය නිමා වන විට කොදෙව් පිල කඩුලු 3ක් දැවී ලකුණු 119ක් රැස් කර තිබූ අතර, කඩුලු 7ක් අතැතිව සිටින ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 313ක් පසුපසින් සිටිති.

ඊයේ විශ්ව ළහිරු ක්‍රියාත්මක කළ පළමු ඕවරයේදීම කොදෙව් පිලේ දෙවැනි කඩුල්ල අහිමි වූයේ ලකුණු 27දීය. මුළු ලකුණු 50 දී තෙවැනි කඩුල්ල බිඳ දැමීමට ළහිරු සමත් වූ අතර, අනතුරුව පිටියේ එක් වූ ජෝර්ඩන් ජොන්සන් සහ ස්ටීව් වෙඩර්බර්න් තෙවැනි දිනයට තරගය නතර කරන විට ලකුණු 69ක නොබිඳුණු සබඳතාවක් ගොඩනඟා තිබිණි. එහිදි ජොන්සන් ලකුණු 54ක් රැස් කර තිබුණේ පන්දු 67කදී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟිනි. ස්ටීව් පන්දු 54කදී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟ නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 28කි.

අද තරගයේ අවසන් දිනයයි.

ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිම – 432/8 (ඕවර 105) ඉනිම අත්හිටුවන ලදි. දිනුර කලුපහන නොදැවී 150, පුලිඳු පෙරේරා 71, මල්ෂ තරුපති 65, විහාස් තෙව්මික 35, සිනෙත් ජයවර්ධන 34, රවිෂාන් නෙත්සර 31 (ටාර්රික් එඩ්වඩ් 99/3, ඉසායි තෝර්න් 58/2, නේතන් සීලි 100/2)

කොදෙව් යොවුන් පිල පළමු ඉනිම – 119/3 (ඕවර 31.5) ජෝර්ඩන් ජොන්සන් නොදැවී 54, ස්ටීව් වෙඩර්බර්න් නොදැවී 28 (විශ්ව ළහිරු 22/2, විහාස් තෙව්මික 39/1)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT