Sunday, April 20, 2025
Home » ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි දෙවැනි ජය ලබයි
19න් පහළ සීමිත ඕවර ක්‍රිකට්

ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි දෙවැනි ජය ලබයි

by mahesh
September 8, 2023 12:55 am 0 comment

ඉෂානි යද්දෙහි

අවුරුදු 19න් පහළ අන්තර් පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී සිය දෙවැනි ජය වාර්තා කිරීමට ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහල සමත් විය.

මෙහිදී ලලිත් ඇතුළත්මුදලි විදුහල විසින් හොරණ ශ්‍රීපාලි විදුහල කඩුලු 4කින් පරාජය කළේය. මේ තරගාවලිය යටතේ මොනරාගල රාජකීය විදුහලට එරෙහිව කඩුලු 5ක ජයක් ලැබීමට මතුගම ආනන්ද ශාස්ත්‍රාලය සමත් වූ අතර, යාපනය ස්කන්ධර්වරෝදය විදුහල යාපනය සාන්ත පැට්‍රික් විදුහල කඩුලු 4කින් පරාජය කළේය.

ලලිත් ඇතුළත්මුදලි විදුහලට කඩුලු 4ක ජයක්

හොරණ ශ්‍රීපාලි – 101 (ඕවර 23.1) දමිඳු ආදිත්‍ය 21 (තාරක සත්‍යජිත් 16/3, ධනූප සිතිජය 19/3, චේනුක හස්මිත 25/2)

ලලිත් ඇතුළත්මුදලි විදුහල – 102/6 (ඕවර 23.1) රවිඳු කුමාර 26, තාරක සත්‍යජිත් 24 (දමිඳු ආදිත්‍ය 19/2, නෙවාන් චන්දුල් 21/2)

ආනන්ද ශාස්ත්‍රාලයට කඩුලු 5ක ජයක්

මොනරාගල රාජකීය – 131 (ඕවර 44) වත්සල අනුජ 27 (ලකිඳු දිනු 26/3, ඉෂාර තෙව්මිත් 17/2, නුවන් දිනේෂ් 21/2, සිතුන කන්නංගර 21/2)

ආනන්ද ශාස්ත්‍රාලය – 132/5 (ඕවර 25.4) නුවන් දිනෙත් නොදැවී 51, අමිල ලසිත් 31, සිතුම් කල්ප 20 (සිනෙත් සුධාරක 30/2)

ස්කන්ධර්වරෝදය විදුහලට කඩුලු 4ක ජයක්

යාපනය සා. පැට්‍රික් – 166/9 (ඕවර 50) පාට්කුනම් මතුෂන් 35, ප්‍රේමනායගම් මතුෂන් 23 (නිරංජන් ස්ටෙබාන් 22/3, ශෂිකුමාර් තර්මිලාන් 32/2)

ස්කන්ධර්වරෝදය විදුහල – 168/6 (ඕවර 46.3)සුදාකරන් කේතුෂන් නොදැවී 45 (නිරංජන් ස්ටෙබාන් 32/3, කුනේෂ්වරන් ඩිලාන්ත් 25, විජයකුමාර් ඉවෝන් 21/2, පාට්කුනම් මතුෂාන් 21/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT