ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලිය ආවරණය කිරීමට ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා නේපාලය නියෝජනය කරමින් මාධ්‍යවේදීන් 114ක් පැමිණ සිටින අතර, දේශීය මාධ්‍යවේදීන් 118ක් මෙවර තරගාවලිය ආවරණය කිරීම සඳහා මාධ්‍ය හැඳුනුම්පත් ලබාගෙන සිටිති.
වසර 2011දී ශ්‍රී ලංකාවේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආවරණය කිරීමට රටවල් 14කින් පැමිණි වාර්තාගත ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් පසු වැඩිම පිරිසක් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරැඹීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටීම විශේෂත්වයකි.
විදෙස් මාධ්‍යවේදීන් අතර වැඩිම සංඛ්‍යාවක් ඉන්දියාව නියෝජනය කරමින් පැමිණ සිටින අතර, එම සංඛ්‍යාව 56කි. පාකිස්තානය නියෝජනය කරමින් මාධ්‍යවේදීන් 28ක්, බංග්ලාදේශයෙන් 26ක් හා නේපාලයෙන් මාධ්‍යවේදීන් 4ක් ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලිය ආවරණය කිරීමට පැමිණ සිටිති. ඇෆ්ගනිස්තානයෙන් මේ තරගාවලිය ආවරණය කිරීම උදෙසා කිසිදු මාධ්‍යවේදියකු පැමිණ නැත.