ගොඩගම කන්දේ විහාරයේ විහාරාධිපතිව වැඩවිසූ ගොඩගම සුමේධ හිමියන් අසනීප තත්ත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නෙවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 06 වෙනිදා අපවත් වූහ. හේවාගම් කෝරලයේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලබා සිටි උන්වහන්සේ, අපවත් වන විට වසර 60 කට ආසන්න කාලයක් ශාසනය වෙනුවෙන් තම දිවිය කැපකර සිටි යතිවරයාණන් කෙනෙකි.
1941 අගෝස්තු මස 04 වන දින ජයසිංහආරච්චි ඇන්ඩිස් අල්විස් ජයසිංහ හා රතුගමගේ පොඩිනෝනා මාපියන්ට දාව පවුලේ හතර වෙනියා ලෙස මෙලොවට දායාද විය. පසුකාලීනව 1956 වසරේ පැවිදි බිමට පිවිසි උන්වහන්සේ 1972 ජුනි 21 දින කෝට්ටේ රජමහා විහාරයේදී උපසම්පාදව ලැබීය. එක් අවස්ථාවක ගොඩගම සුමේධ හිමියන් පිළිබඳව අදහස් දැක්වූ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමියන් පැවැසුවේ ගොඩගම සුමේධ ස්ථවීරයන් වැනි කාර්යාශූර යතිවරුන්ට ශාසනික ගමන් මගේ තව සෑහෙන දුරක් ගමන් කළ හැකි බව අප විශ්වාස කරන බවය.
උන්වහන්සේගේ අදාහන කටයුතු මෙම සෙනසුරාදා, හෙට (09) පස්වරු 2.00ට පනාගොඩ ශ්‍රී පරාක්‍රම විදුහල් ක්‍රීඩාපිටියේදී සිදුකෙරේ.