Home » මව සහ දැරිය අපයෝජනය කළ මස්සිනා ඇතුළු තිදෙනාට ඇප නෑ
මවක් තම 15 හැවිරිදි දියණිය මුදලට විකුණලා

මව සහ දැරිය අපයෝජනය කළ මස්සිනා ඇතුළු තිදෙනාට ඇප නෑ

by mahesh
September 8, 2023 1:00 am 0 comment

ගම්පහ - ටෝනි කරුණානායක

පාසල් අධ්‍යාපනය ලබන 15 හැවිරිදි තම දියණියව ලිංගික කටයුතු සඳහා පුද්ගලයින්ට මුදලට විකුණු එම දැරියගේ අම්මාට සහ එම දැරියව ලිංගික අපයෝජනයට ලක් කළ දැරියගේ මස්සිනා ඇතුළු සැකකරුවන් තිදෙනාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය සැකකාරියව සහ සැකකරුවන් තිදෙනාව එළැඹෙන 19 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසට පෙරේදා (06) නියම කළේය.

සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය සම්බන්ධයෙන් අධිකරණය මඟින් නියම කර ඇති වෛද්‍ය වාර්තා සියල්ලම අධිකරණය හමුවට ඉදිරිපත් නොවීම සහ පොලිස් පරීක්ෂණ අවසන් නොවීම සැලකිල්ලට ගත් අධිකරණය සැකකාරිය සහ සැකකරුවන් තිදෙනාව මෙසේ තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කළේය.

දිවුලපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයේ පසුවන දැරියගේ මව වන 43 හැවිරිදි සැකකාරියව සහ එම සැකකාර මවගෙන් දැරියව මුදලට ලබාගෙන දැරියගේ නිවසේදීම දැරියව ලිංගික අපයෝජනයට ලක් කළ මිනුවන්ගොඩ, නිල්පනාගොඩ,

ආඬියාගාර පාරේ පදිංචි 42 හැවිරිදි වාහන ටයර් අලෙවි කිරීමේ නියුතු ව්‍යාපාරිකයෙකු සහ උල්ලළපොළ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි සැකකරුවත්, දැරියගේ සොහොයුරියගේ සැමියා වූ 37 හැවිරිදි සැකකරු ඇතුළු සිවු දෙනාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් මෙසේ තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කෙරුණි. ලිංගික අපයෝජනයට ලක් වූ 15 හැවිරිදි දැරිය මීගමුව ප්‍රදේශයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයකත් හව්හරණක් නොමැතිව අසරණ වූ එම දැරියගේ කුඩා සොහොයුරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයකත් අධිකරණ නියෝග මත රඳවා ඇති බවට අධිකරණයේදී සඳහන් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT