Sunday, April 20, 2025
Home » පොල්තෙල් ව්‍යාපාරිකයාට පිස්තෝලයක් පෙන්වා ලක්ෂ දහයක් කොල්ලකාලා

පොල්තෙල් ව්‍යාපාරිකයාට පිස්තෝලයක් පෙන්වා ලක්ෂ දහයක් කොල්ලකාලා

by mahesh
September 8, 2023 1:00 am 0 comment

පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක

පොල්තෙල් ව්‍යාපාරිකයෙකුට පිස්තෝලයක් වැනි උපකරණයක් පෙන්වා බිය ගන්වා රුපියල් ලක්ෂ දහයකට අධික මුදල් හා චෙක්පත් කොල්ලකා ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව පින්වත්ත පොලිසිය පවසයි.

පාණදුර ගාලුපාරේ ප්‍රසිද්ධ අවන්හලකට පොල්තෙල් අලෙවි කරමින් සිටියදී රාත්‍රී 8.30ට පමණ කොල්ලකෑම සිදුව ඇති බව පොලිසිය පවසයි.

කොළඹ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පොල්තෙල් ව්‍යාපාරිකයෙකු විසින් කළ පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය පවසයි.

ප්‍රදේශයේ ආරක්ෂක කැමරා දර්ශන මේ වන විට පරීක්ෂා කරමින් සිටින බවත්, ඉන්පසු සැකකරුවන් සොයා පරීක්ෂණ සිදු කරන බවත් පොලිසිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT