301
පොල්තෙල් ව්‍යාපාරිකයෙකුට පිස්තෝලයක් වැනි උපකරණයක් පෙන්වා බිය ගන්වා රුපියල් ලක්ෂ දහයකට අධික මුදල් හා චෙක්පත් කොල්ලකා ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව පින්වත්ත පොලිසිය පවසයි.
පාණදුර ගාලුපාරේ ප්‍රසිද්ධ අවන්හලකට පොල්තෙල් අලෙවි කරමින් සිටියදී රාත්‍රී 8.30ට පමණ කොල්ලකෑම සිදුව ඇති බව පොලිසිය පවසයි.
කොළඹ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පොල්තෙල් ව්‍යාපාරිකයෙකු විසින් කළ පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය පවසයි.
ප්‍රදේශයේ ආරක්ෂක කැමරා දර්ශන මේ වන විට පරීක්ෂා කරමින් සිටින බවත්, ඉන්පසු සැකකරුවන් සොයා පරීක්ෂණ සිදු කරන බවත් පොලිසිය පවසයි.