Home » අම්බලන්ගොඩ බස් නැවතුම්පොළේ පොකට් ගහන ගැබිනි කතුන්

අම්බලන්ගොඩ බස් නැවතුම්පොළේ පොකට් ගහන ගැබිනි කතුන්

by mahesh
September 8, 2023 1:00 am 0 comment

අම්බලන්ගොඩ සමූහ ආර්.ඤාණදාස

ගැබිනි කාන්තාවන් යොදවා හඳුන්කූරු අලෙවි කරන මුවාවෙන් සංවිධානාත්මක පිරිසක් අම්බලන්ගොඩ ප්‍රධාන බස් නැවැතුම්පොළේ දී හා මහජනතාව වැඩියෙන් ගැවසෙන ස්ථානලදී මුදල් පසුම්බි සොරකම් කරන බව පොලිසිය පවසයි.

ගැබිනි කාන්තාවන් පිරිසක් අම්බලන්ගොඩ නගරයේ යොදවා ඇති බවත් ඔවුන්ගෙන් ප්‍රවේසම් වන ලෙසත් අම්බලන්ගොඩ පොලිසිය නගරයට පැමිණෙන ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙවැනි කාන්තාවක් පසුගිය දිනක අම්බලන්ගොඩ බස් නැවතුම්පොළේදී කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරකම් කරන ආකාරය ආරක්ෂිත කැමරාවක් පරීක්ෂා කිරීමේදී හෙළි වූ බව ද පොලිසිය වැඩිදුරටත් පැවසීය.

ගැබිනි කාන්තාවන් සංවිධානාත්මක කණ්ඩායම් විසින් නගරයට ගෙනැවිත් මෙම ව්‍යාපාරයේ යොදවන බව ද දැනගන්නට ලැබී ඇත. මේ අතර අම්බලන්ගොඩ නගරයට පැමිණෙන පෞද්ගිලික බස්රථවලින් කප්පන් ගන්නා අයෙකු ද අම්බලන්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ බව ද පොලිසිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT