සෞඛ්‍ය සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳීමට මෙරටටම ආවේණික වූ ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු බව සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය. රටේ ප්‍රශ්න විසඳීමට පිටරටින් විසඳුම් ගෙන ඒම සාර්ථක නොමැති බව ද මන්ත්‍රීවරයා පැවසුවේය. සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවේ දෙවැනි දින විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය. භෞතික සම්පත් ඌනතාවේ ගැටලුවක් තිබෙනවා. විවිධ වෛද්‍ය උපකරණවල ප්‍රමිතිය ෆේල්. ඒ වගේම මානව සම්පතේ හිඟයකුත් තිබෙනවා. කළමනාකරණ පරිපාලනය ගැටලුත් තිබෙනවා. වෛද්‍යවරුන්ගේ දුක් ගැනවිලි විසඳිය හැකියි. එකක් ඩැට් එක. ප්‍රවාහන ප්‍රශ්නත් තිබෙනවා. නේවාසිකාගාර ප්‍රශ්න තිබෙනවා. සීමාවාසික පත්වීම් ගන්නා වෛද්‍යවරුන්ගේ දීමනාවත් වැඩි කළ යුතුයි. බුද්ධිගලනය ගැටලුව විශාල ප්‍රශ්නයක්.
269