Home » සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට අසීමිත බලයක් දෙන්න එපා

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට අසීමිත බලයක් දෙන්න එපා

by mahesh
September 8, 2023 1:00 am 0 comment

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහ ලියාපදිංචි නැති සමාගම් අතර, සම්බන්ධයක් ඇති බවත් අමාත්‍යාංශ ලේකම්වරයාට අසීමිත බලයක් ලබා නොදෙන ලෙසත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය.

නිදහස් සෞඛ්‍ය සේවය තුළ අද වනවිට ඇති ලොකුම ප්‍රශ්නය මහජන විශ්වාසය බිඳ වැටීම බවත් සෞඛ්‍ය සේවාව පිළිබඳ තිබුණු විශ්වාසය සම්පූර්ණයෙන්ම අද වන විට පළුදු වී ඇති බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

එමෙන්ම 131 වගන්තිය යටතේ බාල බෙහෙත් ගෙන්වපු අයට දඬුවම් කළ හැකි බවත් මේ වනවිට කී වතාවක් දඬුවම් කර ඇත්දැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව පිළිබඳව විවාදයට එක්වෙමිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT